Tuesday, January 3, 2017
හීන ඇහිදින හුළග
මාධ්‍යවේදී ජිවිතයට අව්ව, වැස්ස, රජයේ නිවාඩු, නත්තල්, අවුරුදු කියලා වෙනසක් නැහැ, කොහේ හිටියත් හැමදාම ඊලග දවසේ පත්තරේ කරන්න අපි කන්තෝරුවට එනවා.
ජනවාරි මාසේ පළමුවෙනිදා කියන්නේ ඉරිදා දවසක් වුණත් පුරුදු විදියට " මව්බිම " ට එද්දී බස් එක දෙමටගොඩ බෝ ගහ ගාව නැවතුනේ කලර් ලයිට් එක තව තත්පර 54ක් නැවතිලා ඉන්න කියලා සංඥා කරපු හින්දා. තත්පර 54ක් උනත් කාලය නාස්ති වෙනවනේ හැගීමෙන් මම ජනේලයෙන් එළිය බැලුවා.
ජනවාරි පළවෙනිදා නිසාද මන්දා පාරේ යාචකයන් දැක්කේ හරිම අඩුවෙන්. බෝ ගහ ගාව පාරේ අනිත් පැත්තේ සිගමන් යදින පුද්ගලයෙක් උන්නා. බොහොම වයසක තත්තා කෙනෙක්.
ඉරි ගිය සරමට, ප්‍රමාණයටත් වැඩි ලොකු කමිසය ඒ වයසක පුද්ගලයාට ගෙනාවේ තවත් අසරණ පෙනුමක්. පාරේ යන එන අයගෙන් අත පාලා කිය කිය හරි ඉල්ලපු ඔහු කළු ඉටි බෑග් එක දරා ගත්තු අනිත් අතින් දෑසෙන් කඩා හැලුණු කඳුළු පිස දැම්මේ ලෝකෙටම රහසින්. ඔහු රහසේ පිස දැම්ම කඳුළු විතරක් නෙවෙයි, වෙවුලන දෑතින් ඔහු සිගමන් ඉල්ලු වගවත් සමහරුන්ගේ ඇහැ ගැටුනේ නැහැ.
තමන්ගේ එදිනෙදා රාජකාරි අතරේ කාර්යබහුල මිනිසුන්ට ඔහුව නොපෙනීමේ ඒ හැටි පුදුමයකුත් නැහැ. නමුත් සමහර ඇස් ඔහුව මග හැරියේ වුවමනාවෙන් මයි. පාරේ සිටින සිගමන බිස්නස් එකක් කරගත්තු ව්‍යාජ යාචකයන් නිසාවෙන්. දැන් කාලේ කවුරුවත් විශ්වාස කරන්න බැරි බව ඇත්ත. නමුත් එවන් ජිවිත අතරේ කරකියා ගන්න දෙයක් නැතිකමට, දෑතේ වැඩක්වත් වෙහෙසී කරන්නට වාරුවක් නැතිකමට, එහෙමත් නැති නම් තමන් ආදරෙන් උස්මහත් කරපු දරුවන් පාරට ඇදලා දැම්මා නිසාවට කුස පුරවා ගන්නා කියක් හරි ඉල්ලා ගන්න හිතාගෙන පාරට බහින ජිවිත අපි නොදැක්කාට මහා පාරේ ඉන්නවා.
රුපියල් විස්ස, තිහ දාලා දවස හරියන්න කියලා දෙවියන්ට පාගා දෙනවට වැඩියෙන් යාචකයෙක්ට ඒ කිය හරි දෙන්න පුළුවන් නම් ඒක පිනක්. දුන්නයින් එහාට කවදාවත් හිතන්න එපා. ඒ සල්ලිවලින් ඔවුන් මොනවා කෑවත් බිව්වත් ඒ ඔවුන්ගේ රුචිකත්වය. ඔවුන්ගේ ආසාව.
සමහර විටෙක ඔබ නොදැනුවත්ව ඔබ අසරණ පවුලක කුසගිනි නිවාවී. රෝගියෙක් සුවපත් කරාවි. එහෙමති නැතිනම් නොදන්නා පුංචි දරුවෙකුට පාට පැන්සල් පෙට්ටියක් ගැනීමේ හීනේ සැබෑ කරාවි.
කවුරුත් තියෙන නිසාවෙන් සිගමන් යදින්න එන්නේ නැහැ. තමන්ගේ තියෙන දුප්පත්කමට පාරට බහිනවා මිසක්. ඔබට පුළුවන් නම් හැමදාම නෙවෙයි. ඒත් පුළුවන් විදියට ඒ ජිවිත ගැනත් හිතන්න.
ඒ වගේම දුන්නු දේ ට ඒ අය මොනවා කරාවි ද කියලා මහා හුගක් හිතන්න එපා. දුන් දේ සුවදයි කියනවනේ. පුළුවන් හැටියට තවත් කෙනෙක්ට උදව් කරලා අසරණ ජිවිත ආලෝකවත් කරන්න හයියක් වෙන්න. ආත්ම තෘප්තිය විතරක් තියාගෙන ජීවිතය ඉස්සරහට අරන් යමු.
හිතේ සතුට මුතු මැණික් රත්රන් වලට වඩා බොහොම වටිනවා.
සුබ නව වසරක් වේවා.
Wednesday, September 14, 2016
දුවගේ කොල්ලා හොයන අම්මලා වෙතයි..
කසාද ගැන කතා කරද්දි නැන්දම්මා
ලේලි වලි නම් අද කාලේ අනන්තය. අප්රමානය.. බෙලි ගස් වල ඔය හැටි ලාටු හැදෙන්නෙම ඔය
නැන්දම්මා ලේලි වලි වල තරම කියන්නය කියලා අපේ අත්තාලා මුත්තලා කතාවට කියන්නේ ද කට
කහනවාට නොවේය.
නැන්දම්මලා ලේලිලා වලි ගැන ඇහුනාට
අම්මලා දුලාගේ වලි ගැන නම් අඩුය කියලා කට්ටිය
ඔහේ කියෙව්වා ට ඒවා ඉතින් එහෙමමත් නෙවේය
ලජ්ජා බයක් නැති කෙල්ලට ඊයේ
පෙරේදා දවසක පරණ හිතවතියක් සෙට් උනාය. ඒ කෙලිගේ මේ ටික දොහේම ජිවන සටන් පාඨය වෙලා තියෙන්නේ
" අනේ අම්මේ මට ඕනේ එයාවමයි " කියන එකය.
හේතු කාරණා හොයාගෙන හොයාගෙන යද්දී අම්මලා
දුලාගේ රණ්ඩුවක්ය. වෙන මොකටවත් නෙවේය. විරිදු තාලයක් දාලා කරලා ගත්තා නම්
“ මන් කැමතී කොල්ලාට
අම්මා කැමති නෑනේ...
අම්මා කැමැති කොල්ලාට
කරගහන්න මට බෑනේ ... “
වගේ සීන් එකක් ය.
අම්මලා ඉතින් කොල්ලාගෙ රස්සාව, තරාතිරම, පරම්පාරාව,
ජාතකේ හොයලා පරස්තාව කතා කරාට දුවලාට ඔව්වා
අදාල නැති ය. හිත ගිය තැන මාලිගාව ය.. මාලිගාව ගොඩ නැගුවයින් පස්සෙ දුවලා කවුරුත් ජාතකේ
හෙව්වට ඒකත් ඉතින් ඕනාකමටම නොවේය. කොල්ලගේ ජාතකේ ගෙදරට ඉදිරිපත් කරන්න ඕනාවට ය.
කෙල්ල හොයා ගන්න කොල්ලාගේ ක්ලාස්
එක අම්මට මදි වෙන්නේ ඔතනදීය. කොහෙන් හෝ ලකුනු කපන එක කපනවාය. අම්මලාට දොසක්
කිය්නනත් බැරිය. අම්මලා ලෝකේ දකින ලෙන්ස්
එක දෝනියන්දෑට සැපවත් පික්චර් වල පෙන්වන තාලයේ ජිවිතයක් උරුම කර දීමය.
නමුත් දෝනියන්දලා හොයන්නේ
හැන්ඩ්සම් ආදරේ උතුරපු කොල්ලෙක්ය. සල්ලි නැතත් ආදරේ මල්ලක් පිරෙන්න දිය හැකි
කොල්ලා අගේය. එහෙම නොවන සල්ලි තියෙන පොස් කොල්ලෙක් හොයන දෝනියන්ද ලා ද නැතිවාම
නොවේ.
ලැජ්ජා බයක් නැති කෙල්ලගේ ලෙන්ස්
එකට පේන විදියට නම් ලෝකේ කෙල්ලෝ වර්ග තුනකි.
එක වර්ගයක් නම් සල්ලි නැතත්
කොල්ලාගෙ මුහුනත් තහඩුව කොහොම උනත් ආදරේ ඉස්මුරුත්තාවට දෙනවා නම් හිත එතැන නවත්තන
කෙල්ලෝය.
දෙවෙනි වර්ගයට නම් ඉතින් කොල්ලා
අනිත් කෙල්ලන්ගේ ඉරිසියාවට බදුන් කල හැකි තරමෙ හැන්ඩියෙක් විය යුතුය. කෙල්ලව ඇදුම්
සාප්පු , පොෂ් පාට අවන්හල් දිගේ රවුම් දෙක තුනක් එක්කන් යන්නට තරම් සල්ලි තිබිය
යුතු කොල්ලෙක් විය යුතුය. කොටින්ම කිව්වොත් කොල්ලා හැන්ඩ්සම්, බර අත්තක් විය යුතුය.
මේ දෙකටම අයිති නොවෙන තුන්වන
පන්තියේ කෙල්ලන් නම් මීක් ගෑවත් හිස නොඋස්සන පුටුවක් අල්ලන් කියුටස් ගගා නොඉද ගෙදර
දොරේ වැඩපල සියල්ල කරන වචනයේ නියමාර්තයෙනම අම්මාගේ හොද දුලා ය. අඩුම තරමේ අම්මාගේ
වචනෙට පිටින් පුටුවකින් ඉදගන්නවත් ඔවුන් අකැමතිය.
ඒ කෙල්ලන්ය. අම්මලා ද වර්ග
දෙකකි.
පලවෙනි වර්ගය බෑණා පොඩ්ඩ තමන්
කැමති ජාතියේ කොල්ලෙක් විය යුතුයි කියලා හිතන අම්මලාය. කොල්ලගේ පෙනුම, පරම්පරාව, ගුණ
යහපත්කම, සල්ලි බාගේ සේරම තරාදියට දාලා කිරලා මැනලා සුදුසුකම් සපුරන කොල්ලාට දෝණියන්දා
තෑගී කරන අම්මලා ය.
දෙවැනි වර්ගය නම් ආදරයට ආදරය කරන
අම්මලා ය. කෙල්ල හොයා ගත්තු කොල්ලා කෙල්ලට හොද නම් කෙල්ලට ආදරේ නම් අම්මටත් කේස්
එකක් නැතිය. ඒ අම්මලා කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේට ඕනා උනොත් බොක්කෙන්ම සපෝර්ට්
කරන්න උනත් ලෑස්තිය .
ඔය අම්මලා දෙවර්ගයයි කෙල්ලෝ
තෙවර්ගයි ගැන හිතුවාම ලජ්ජා බයක් නැති කෙල්ලට හිතෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා ය.
ඒත් ඉතින් පරහකට තියෙන්නේ ඔය
කෙල්ලගේ ලව් එකට බකට් දාන අම්මලා කසාද බැන්දයින් පස්සේ දිග කන්නත් කෙල්ලත් එක්ක
එනවද කියන එක උඩය. මගුල හොයන්නේ කරලා දෙන්නේ අම්මාය. ඒත් ඒ හොයන බෑණා කළු සුදු
නෙවේ අළු චරිතයක් උනත් දිග කන්න වෙන්නේ කඹුරන්න වෙන්නේ දුවට ය. මිනිසුන්ගේ උපන්
ගති ටික දිගහැරන්නේ දීගේ කෙරුනායින් පස්සේ කියන්නේ ද නිකමට නොවේය. එහෙව් එකේ අම්මා
හොයලා දෙන බෑණා එක්ක දිග කන දුවට දෙයියන්ගේම පිහිටය.
කොල්ලා හොද උනොත් නම් ඉතින්
හොදය. එහෙම නොවුනොත් ඉතින් විවාහය ගැන කතා කිරීමෙන් පලක් නැතිය. බටහිට සංස්කෘතිය
හැඩ ගැහුණු කොල්ලෝ කෙල්ලෝ නම් කසාද පොතට හිර වී සිටිනවාට වැඩිය වෙනත් සංස්කෘතියක් අනුගමනය
කරනවය.
ඒ ලිවින් ටු ගෙදර් සංස්කෘතිය ය.
ලෝකෙට පේන්න කසාදයක් කර ආයෙත් රට්ටුන්ගේ
අවලාද මැද කසාදෙ කටු ගානවට වැඩිය දෙන්නෙක් කලක් ආශ්‍රය කරන්නට එක වහලයක් යටට වෙන
එක හොදය. ඔවුන් කියන්නේ එහෙමය. ඉන් අනතුරුව එක්කෝ දීගේ කෙරෙනවාය. නැත්තම් දෙන්නා
දෙපැත්තකට වෙනවා ය.
ඕක ඉතින් අපේ වැඩිහිටි පරම්පරාවට
දිරවන්නේම නැති වීම ම වෙනම කතාවකි. ඒත් ඉතින් ඒ කාලෙත් අපේ ඔය කියන මහා ප්‍රෞඩ
ඉතිහාසය තුල ලිවින් ටුගෙදර් සංස්කෘතියම තිබුනේ ය. ඒ කාලේ එහෙම නමක් භාවිතා නොකලාට හිත
ගිය කෙල්ලව අරන් පැදුරු පෑගුවයින් පස්සේ එක පැලක් අටවාගෙන දරු මල්ලෝ හදන්නේ ද
ඉතින් ඔය කියන කසාද පොතක තියා කඩදහි කොලයකවත් සලකුණු නොකරය. ඕවාත් ලිවින් ටුගෙදර්
මය.
මෑත කාලින ඉතිහාසයේ නම් කසාද
ගෑනි ගෙදර ඉද්දි වෙන වෙන ඈයෝත් එක්ක වෙනම ලිවින් ටුගෙදර වෙන්න දිගින් දරු මල්ලොත්
හදපු උදවිය ඈත ගම් වල විතරක් නොවේය. ප්‍රසිද්ධ වේදිකාවේ පවා ඉන්නවා ය. අදටත් ඔවුන්ගේ
දරුවන්ගේ උප්පැන්නේ මව්පියන් අවිවාහකය.
පෙරදිග උදවියට ඕවා මැජික් උනාට බටහිර
සංස්කෘතියට නම් ඕවා සිම්පල් කතාය. ඕවා කැපිටල් කරගන්නට යන්නේ ද ඉතින් අපේ උදවිය
විහින්මය. බටහිර ලෝකේ සුද්දා අනුන්ගේ කුණු තමන්ගේ ඔලුව උඩින් තියා නොගත්තාට අපේ
උදවිය අනෙකාගේ කුණු බැරල් පිටින් ඔලුව උඩ තියාගන්න එක ඔය සේරටම මුලය.
මයි කාර් නම්, මයි පාකින් නම්, කොහෙන් පෙට්‍රල් ගැහුවාත් කාටවත් මොකද කියලා
කවුරු කවුරුත් හිතුවා නම් ඔය ප්‍රශ්න සේරම නතින් ය.
-
අරුණි
කළුපහන -
Monday, September 12, 2016
තහනම් ගහේ ගෙඩි ඇයි එච්චර රතු??
ලෝකය මැවුම්කරුවාණෝ ලෝකයේ මැවීමෙන් අනතුරුව තහනම් ගහේ ගෙඩි කන්නට එපා යැයි කියා ලෝකයේ පළමු නීතිය ආදම් සහ ඒවාට පැනවූවේය. නමුත් කවදත් කියන දේ නාහන මිනිසාගේ පුරුද්ද පෙන්නන්නටද කොහේදෝ දෙවියන් එපා කියූ තහනම් ගහේ ගෙඩි ලොව පළමු මිනිසා සහ ගැහැනිය හොඳ හැටි රස වින්දෝය. කීව දේ නාහන එකා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි සිතූ දෙවියෝද අහක බැලුවේ ඉන් අනතුරුවය.
අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.
ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.
දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.
තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.
පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.
ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.
ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.
ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.
ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.
අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.
නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.
එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.
අරුණි කළුපහණ
අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.
ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.
දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.
තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.
පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.
ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.
ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.
ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.
ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.
අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.
නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.
එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.
අරුණි කළුපහණ
Wednesday, June 22, 2016
හර්ද සුත්‍රය සොයා ගියෙමි
ආදරය ගැන වෙනස් හැගීමක්වත් කියවීමක්වත් තිබුන කෙනෙක් නෙවෙයි මම. ආදරය ආදරයමයි. මට හිතුනේ එහෙමයි. නමුත් මේක ලියන මොහොතේ සුනේත්‍රාගේ හර්ද සුත්‍රය කියවන මට ආදරය දැනුනේ වෙනස් විදියට, වෙනස්ම කෝනේකින්. දෙයක් කියවන්න හිතුනොත් හොයාගෙන ගිහින් අරගෙන හරි පිස්සෙක් වගේ කියෝන මට දෙයක් ලියන්න හිතුනත් එය නිදිවරාගෙන ලියලා මිසක් නැගිටින්න හිතක් පුරුදු පුහුණු වෙලා තිබ්බේ නැහැ. ඉතින් එහෙම හික්මීමක් නැති හිතක් තියෙන පුන්සරා වගේම පොත් ගුල්ලියක් වෙච්ච මම සුනේත්රාගෙයි සමන්ගෙයි එකතුවෙන් ලිව්ව මුදිතගෙයි පුන්සරාගෙයි ආදරයේ මට දැනුනු දේවල් දේවල් සටහනක් තියන්න හිතුවේ මෙහෙම. හැබැයි එකක් මට සුනේත්‍රා සමන්ගේ හර්ද සුත්‍රය ගැන විචාරයක් ලියන්න නම් කොහොමත් ලැස්තිනැහැ. මම ලියන්නේ මගේ හිතට කා වැදුණු සමහර තැන් වලිනුත් කොටසක් පමණයි කියලා කියන්නම ඕනි.
හර්ද සුත්‍රයේ මහා ගැඹුරින් සමන් අතාවුදහෙට්ටි
එක්ක ආදරය ගැන විවිධ කතාන්දර ඔස්සේ කියාපාන සුනේත්‍රා තවත් තැනක සරලව මෙහෙම කියනවා. හැබැයි ඒ ඉස්සර වෙලා වගේ වචන හරඹ වලින් නම්
නෙවෙයි. ආදරය උතුරපු කවියකින් මෙහෙම,
“ මම හරි දඟයි
හොඳ මිනිහෙක් නෙවෙයි
ඔබ හරි අහිංසකයි
හාදුවකින්වත් රිදවන්න දුකයි
ඔබ මල් පෙතිවල කවි ලියයි
කෑලෑ වළා පෙළක ඉසුරුමුණිය දකියි
මුදු රළ වැලක ගීයක් සොයයි
නල සසල මල් අතර තනුවක් ඇහිදියි
මම හරි දඟයි...
ඔබ මුදු සඳ එළිය වගෙයි
සමන් මලක පිවිතුරු සුවද දැනෙයි
ඔබ අසල මා පොඩි එකෙක් වෙයි
පුජනිය ආදරේ මට දැන් දැන් දැනෙයි
මම හරි දඟයි... “
හර්ද සුත්‍රයේ මුදිතගේ ආදරය හිමි වුන පුන්සරා මම
නොවුනත් මුදිතගේ චරිතය පණ දුන්නු වචන වලින් මගේ කම්මුල් ලැජ්ජාවෙන් රත් උනේ ඇයි
කියලවත් හදවත මොහොතකට නතර වෙලා ඩබ් ඩබ් හඩින් දෙදරුම් දෙන්න පටන් ගත්තේ මම ඒ තරම්ම
හර්ද සුත්‍රය ඇතුලේ ජිවත් වුන නිසාවත් ද කියලා මට කියන්න අමාරුයි.
නමුත් කොයි තරම් ගෑනු පස්සේ ගියත් පනස් එක් වෙනි
පෙම්වතියට සමුදීලා ආවත් මුදිත කියන චරිතය ගැන අහිතක් නොහිතා ආදරය කරන්න පුළුවන්
විදියට සුනේත්‍රායි සමනුයි හර්ද සුත්‍රයට පණ පොවලා තිබුනා.
මුදිත වගේම පුද්ගලයෙක් කාලෙක මම දැන උන්නු
ලෝකෙකත් ජිවත් උනා. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක් නම් නෙවෙයි. ඔහු මුදිත වගේම නොවුනත් යම් තාක් දුරට මුරණ්ඩු සල්ලාල
පිරිමියෙක්. ඒ වගේම ඔහු මුදිත තරම්ම ආදරණියයි. වචනත් හරිම ලෙන්ගතුයි. නමුත් ඔහුත්
මුදිත වගේම ගෑනුන්ට බයයි. ගෑණියෙක් ඔහුගේ සීමාවන් අසලට ලං වෙනකොට පැනලා දුවන්න
තරම් ඔහු බයගුල්ලෙක්. තැනින් තැනට යන ස්ථිර නැවතුමක් නැති අයෙක්. හර්ද සුත්‍රය
විදිද්දී මට මතක් උනේ ඔහුව.
හර්ද සුත්‍රය මම කියවන්න මට ගත්තේ මරදානෙන්
කෝච්චියට නගින කොට නමුත් පැය පහ හයක් තිස්සේ මේ වචන ටික ලියද්දිත් මම හර්ද සුත්‍රය
කියවමින් උන්නා. කියවන්න පටන් ගත්තු වෙලේ ඉදන් මේ නවත්තපු හතර වෙනි පාර. ඒ කම්මැලිකමකට
නෙවෙයි. රිදුම් දෙන්න ගත්තු හිතක් හින්දායි එහෙම නැවතුනේ, සුනේත්‍රා සමන් අමුණපු
ජිවිතයට සමීප සමහර තැන් උඩින් යද්දී දැනුනේ හදවතට යවුලකින් අනින්නා වගෙයි. මෙසේ පැත්තකින්
තිබුන පාස්තා පිගානේ උඩින්ම තිබ්බ කීල්ස් කෑලි වලට මම ගෑරප්පුවෙන් ඇනගෙන ඇනගෙන
ගියේ කාලයක් රිද්දන්න බැරි උන පිරිමියෙක්ගෙන් පලිගන්නවා වගෙයි. ඒ තරම්ම දැනෙන්න
සුනේත්‍රා සමන් අනුන්ගේ ජිවිත තමන්ගේ අකුරු වලින් කඩදහියකට අරන් තිබුනා. වෙලාවකට
සුනේත්‍රායි සමනුයි හිත්වල තියෙන රහස් හොරකම් කරන බුතයෝ දෙන්නෙක් ද කියලත් මට
සැකයි. හරියට රේන්ද ගෙදර හොල්මන් කරන පුන්සරාගේ අම්මාගේ පොඩි බාප්පා වගෙයි.
අවුරුදු දෙකකට විතර කලියෙන් දවසක මගේ යාලුවෙක්ගේ
ගෑනු ළමයයි මමයි BMICH එකේ පොත් ප්‍රදර්ශනයට ගිය වෙලෙත් සුනේත්‍රා සමන්ගේ පොත පොත්
රාක්ක වල දිලිසි දිලිසි තියෙනවා දැක දැකත් ගන්න බැරි උනේ නම් මගේම කරුමෙකට කියලා
මට දැන් හිතෙනවා. සමහර විටක අවුරුදු දෙකකට විතර උඩදී හර්ද සුත්‍රය කියවලා තිබුනා
නම් සමහර දේවල් වෙනස් වෙන්න තිබුනා කියලා හැගීමකුත් දැන් දැන් හිත ඇතුලේ හෙමිහිට
කොදුරනවා.
සමහරු ගැහැණු ඉන්නවා මෙහෙම කියන,
“ මගේ මිනිහා ගෑනු සියක් එක්ක බුදියලා හරි මාව
හොයාගෙන එන එක මට ආඩම්බරයක්. ඒ ගෑනු සියත් හරි, ඊටත් වඩා මාව වටින හින්දානේ මට
ආදරේ හින්දානේ ඒ මිනිහා මොන ගුබ්බෑයමේ බුදියලා හරි ආයෙම මයේ ගෙදරට එන්නේ. “
පුන්සරාත් ඒ වගේ. මට හිතුනේ එහෙම. නැත්තම්
ගෑණියෙක්ට පුළුවන් ද ඔහොම මිනිහා නිදි වැදලා එන ගේෂාවෝ ගැනයි මිනිහා එක්ක කෑම කන්න
එලියට ගිය ගෑනු ගැනයි කතන්දර අහන් ඉන්න.. අහන් ඉදලා මෙහෙමත් කියන්න,
“ මං ආසයි ඒ කතා කෙටි කතාවකට ලියන්න.. “
මුදිත දැන දැනත් වැරදි කරපු පිරිමියෙක්. රටේ ලෝකේ
ඉන්න දහසක් ගෑනු ගැන කියෙව්වාට මුදිත
කවදාවත් පුන්සරාව කියවන්න උත්සාහ කරේ නැහැ. ඒක තේරුම් ගත්ත මුදිත අවුරුදු 25කට
පස්සේ කාලෙක මෙහෙම කියනවා.
“ මම පුන්සරාව එක්කන් ගිහින් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයට බැන්දෙව්වා. එදා
එයා ගෙදර ඇවිත් මගේ අත් දෙක අල්ලාගෙන කදුළු වැගුරුවා.
‘ ඔයාට තේරෙන්නේ නෑ මේක මට කොච්චර වටිනවා ද කියලා..
‘
පුන්සරා කිව්වේ මොකක්ද කියලා මට තේරුණේ නෑ. සුවපත්වීම
( හැම අතීතයක්ම එකතු කරලා පුන්සරා ලිව්ව පොත ) කියෙව්වාට පස්සේ තමයි එදා එච්චර
කදුළු වැගිරෙව්වේ ඇයි කියන එක හිතාගන්නවත් පුළුවන් උනේ. එක ගෙදර හිටියත් කෙනෙක්ගේ
හිනාවකට කඳුළකට යටින් තියෙන හැබෑ හේතු දැන ගන්න කොච්චර අමාරුද ? “
සුනේත්‍රායි සමනුයි ගැන මට දැනුනේ තද ඉරිසියාවක්.
ඒක හරිම පුදුම ඉරිසියාවක්. හර්ද සුත්‍රය මට ලියන්න තිබුනා නම් කියලමයි මට හිතුනේ.
නමුත් කවුරු ලිව්වත් හර්ද සුත්‍රය පුරාවටම මුදිතට
ආදරය කරපු ගැහැණු අතරට මමත් එකතු වුනේ මමත් හර්ද සුත්‍රය පුරාවට මුදිත ආදරය කරපු
හින්දයි. හැබැයි මම මුදිතගේ පනස් දෙවෙනි ගෑනු ළමයා වුන චීන ජාතික ඩේසිගෙන් පස්සේ ආව
53 වෙනියෙක් නම් නෙවෙයි. ජිවිත කාලේ පුරාවටම මුදිතට ආකර්ෂණ උන අසීමිත ගෑනුන්ගෙන්
කෙනෙක්.
ඉස්සර මටත් හීනයක් තිබ්බ ගෘහ නිර්මාණ ශිල්පිණියක්
වෙන්න. පස්සෙන් පහු කාලෙක ඒ හීනේ තවත් දිග් ගැහුනා ගෘහ නිර්මාණ ශිල්පියෙකුට ආදරේ
කරන්න. පස්සේ කාලෙක සිදු වුනු සමහර යෝජිත
සිදුවීම් එක්ක හැම දෙයක්ම කාලයත් එක්ක යටපත් උනා. ඒවා අතීත කතා. නමුත් ඒ අතීත කතා
වල සැගවුණු මතක හර්ද සුත්‍රයේ හැංගිලා තිබුනා නේද කියලා වෙලාවකට මට හිතුනා.
එක තැනක මුදිතගේ ආදරයට හර්ද සුත්‍රයේ පුන්සරා
මෙහෙම පිළිතුරක් ලියනවා.
“ ඔබේ ආදරයට මම ආදරෙයි
ඒත් මට හිටි ගමන්
ඒ ආදරේත් ප්‍රෙහේලිකාවක් වගෙයි
මල් පෙතිවල කවි ලිව්වත්
මා ඔබේ බිරිදයි
ඉසුරුමුණියේ ඉන්නෙත්
අඹු සැමියන් විය යුතුයි
කඳුළක් ප්‍රශ්නයක් ආවත්
නෑ හිතේ අමනාපයක්
ඔබත් හරි සංවේදියි
නල සසල වෙන තතක් බඳුයි
ඔබේ ආදරේට මම ආදරෙයි...
සඳ එළියෙන් කොද මල් පිපෙයි
සඳුත් සුවදෙන් සිතක් පූදියි
මා ගී තනුවක් නොවෙයි
නෙළුමක් පුජිතත් නොවෙයි
මගේ ආදරේ පුජනියයි ඇත්තයි
ඒත් මා දැරියක් නෙවෙයි
දුක සැප බෙදා ගන්නට රිසියි
මා ඔබේ සහධම්මාචාරිනියයි
ඔබේ ආදරේට මම ආදරෙයි “
කොහොම නමුත් හර්ද සුත්‍රයෙන් ආදරයයි රාගයයි
කියන්නේ ලා සඳ එළියේ පිපෙන සුවද සේපාලිකා මලක් සහ ගිනියම් අව්වේ පණ පොවන
සුරියකාන්ත මලකයි වෙනස කියලා සුනේත්‍රා සමන් නොකියා කියනවා. මට හිතුනේ එහෙම.
මුදිතගේ පුන්සරාගෙයි අතීත මතකයි පුන්සරාගේ ජිවිතේයි
ගැන දුර ගමන් යවන සුනේත්‍රා සමන් තැනක මෙහෙම ඇත්තකුත් කියනවා.
“ හැම ලේඛිකාවකගේම පෙම්වතුන් ජිවත් වෙන්නේ සිත
ඇතුලේ හංගාගත්තු බයක් එක්ක. ඒ බය තමයි ඒ ලේඛිකාවගේ පොතක චරිතයක් අස්සේ උපදින්න
තමන්ට සිද්ධ වෙයි කියන බය.. “
හර්ද සුත්‍රය පුරාවටම ඔය වගේ හිත නැවතුනු තැන්
ගොඩක් තිබුනා. කෙටියෙන්ම කියන්න තියෙන්නේ සමන් අතාවුදහෙට්ටිගේ ආදර අංකුර වලටත්
වැඩිය සුනේත්‍රාගේ හැම පොතකටමත් වැඩිය මම හර්ද සුත්‍රය සමීපයි.
මුදිත කියන්නේ විශ්වයක්. නැහැ, පුන්සරා ජිවිත
කාලෙම අම්මගෙන් ඉල්ලපු මුදිතගේ තාත්තාගෙන් තෑගි හම්බ වුනු ශබ්දකෝෂටත් වැඩිය විසල්
තේරුම් ගන්න අමාරු ශබ්ද කෝෂයක්. මුදිත ගැනයි පුන්සරා ගැනයි රැයක් ගෙවෙනකම් කතා
කරන්න දේවල් නම් බහුලයි. ඒත් ඒ සේරම ලියන්න බැහැ. නමුත් සිතට දැනුනු තැන් ගොඩක්
අස්සේ හුස්ම නතර කරන් බලන් හිටපු තැනකින් මේ සටහන අවසන් කරන්න මට හිතුනා. හැබැයි
කොච්චර හුස්ම හිරකරන් බලන් උන්නත් මුදිතවත් පුන්සරාවත් තවම උත්තරයක් නම් දුන්නේ නැහැ.
“ ප්‍රංශයේ ලුඩ්ස් දේවස්ථානයේ ශුද්ධ වූ ජලය බෝතලයකට බුද්ධ ගයාවේ පිරිත් පැන් එකතු කරන්න
අපිට බැරිද... අනේ සරා මට හිතා ගන්න බෑ.. ව්‍යායාම කරලා එහෙ මෙහෙ ඇවිද්දා ඇති.
ඉක්මනට එන්න.. එතකොට මම ඔයාගෙන් මෙහෙම
අහන්නම්..
‘ පුන්සරා මුළු ලෝකෙටම ආදරේ කරන්න කලින් අපි අපිටවත්
ආදරේ කරන්න පුළුවන් ද බලමු.. එහෙම බැරි නම් ඔයා කොහොමද ඊට වඩා විශාල පරමාදර්ශී හීන
හැබෑ කරගන්නේ... ? ‘
එතකොට එයා මොනවා කියාවි ද ?
‘ පෞද්ගලික ආදර කතා වලින් මිදෙනවා කියන්නේ ලෝකෙටම
ආදරේ කරන්න පුළුවන් වෙනවා කියන එකයි.. ‘ කියලා එයා කිව්වොත් මං මොනවද කියන්නේ...
‘ පෞද්ගලික සබදතාවලදී ආඩම්බරයක්, අහංකාරයක්, මමංකාරයක්
නැතිනම් විතරනේ ජාතික ප්‍රශ්නයක් විසදගන්නත් සුත්‍රයක් හදාගන්න පුළුවන් වෙන්නේ. පරණ
තුවාල නැත්තේ කාට ද... ? කොයි රටට ද... ? “
- Aruni Kalupahana -
Wednesday, June 3, 2015
හදවත ඇහිලූ මිනිසා වෙත,
මම නුඹට ආදරය කරමි. නුඹ එය දන්නවා හෝ නොදන්නවා විය හැකියි.
මම නුඹ පිළිබද සිහින දකිමි. නුඹ එයද දන්නවා හෝ නොදන්නවා විය හැකියි.
මම නුඹ හෙලා දකිමි. බැන වදිමි. නමුත් ඒ ද නුඹට ආදරය කරන නිසාවෙන් බව නුඹ නොදන්නවා හෝ දන්නවා විය හැකියි.
මේ සියල්ල නුඹ දැනගත් දිනක නුඹ මට බැන වදින බවත් මා හැර යන බවත් පමණක් මා දනිමි. ඉතින් එය එසේ නොවිය යුතු නිසාවෙන් මා සියල්ල බොහෝ ප්‍රවේසමෙන් වසන් කර සිටිමි. බොහෝ විට ජිවිත කාලය පුරාවටම..
නුඹ අයිති කර ගන්නට මට ආශාවක් නැත. නුඹ හා රැදී ලෝකයාට නුඹ මගේ යැයි කියන්න ද මට ආශාවක් නැත.
මා ආදරය කරන්නේ නුඹගේ සිතුවිලි වලට කිසිවකුත් දන්නේ ද නැත. සංසාරය සිසාරා සැරි සරනා කල අහම්බෙන් නුඹ මා හමු විනි. අනතුරුව නුඹ අගුලු ලා තිබු මා හදවත හොරකම් කර විවර කළේය.
ඉතින්, එවකට පටන් මා නුඹට පෙම් කරන්නට පටන් ගතිමි. බොහෝ අවස්ථාවල ප්‍රේමයට ඉඩ නොදෙන්නට යැයි කියා බුද්ධිය මට තරවටු කරන්නට කරන්නට මම බුද්ධිය අතහැර දැමුවෙමි. මා එසේ කලේ ඇයි දැයි විටක මට ද ගැටලුවකි.
මා නුඹට මගේ බොලද ප්‍රේමය යැයි නොකියමි. නුඹ මට බෝසත් ප්‍රේමයකි.
නුඹ හා එක්ව රන් හුයකින් දෑගිලි බදින්නට නොව නුඹ දෙස ඈතින් බලා හිද සදාකාලයටම පෙම් කරන්නට මා කැමැත්තෙමි.
නුඹගේ භොතික ලෝකය පිළිබද කැමැත්තක් මා තුල නොමැති බව නම් නුඹ දන්නවා ඇත. භෞතික දෑ නිසාවෙන් පෙම් කරන්නට මා කිසිදාක රිසි නොවීමි.
මා සොයා ගියේ අධ්‍යාත්මික ප්‍රේමයකි. ඉතින් මා එය සොයා ගත්තෙමි. ඒ නුඹ ය. නුඹවත් නොදන්නා මගේ ප්‍රේමය නුඹ බව නුඹට කෙසේ කියන්න ද ?
ඇට මිදුළු ලේ නහර සිසාරා මම නුඹට ආදරය කරමි. එය බොළද බව කවුරුන් හෝ කියාවි. එයට මට කමක් නැත. නුඹ පිළිබද සිතනා තත්පරයක් පාසා මට ගෙන එන්නේ විසල් සතුටක් නම් ඉතින් එය බොළද ප්‍රේමයක් වුව ද එසේ නොවුව ද මා ඒ පිළිබද සිතන්නේ කුමකට ද ? .
දිනක් ලෝකයාට විකාරයක් වූ මගේ සිත දැක අයෙක් මට මෙසේ කිය.
" උඹ ඔය අන්ධකාරේ අතපත ගාගෙන යන්න හදන්නේ අවදානම් ගමනක්.. දැන්වත් ඔය විකාරේ උඹ නතර කරොත් හොදයි.. "
" කමක් නැහැ කොච්චර අවදානම් ගමනක් වුනත් ඒක මට සතුටක්.. වෙන දෙයක් වුනාවේ.. අනාගත සතුටක් වෙනුවෙන් වර්තමානේ දුකින් ඉන්න මං කැමති නැහැ.. "
" එහෙමයි කියලා උඹට මැරීගෙන ආදරේ කරන්න හිටියේ ආදරේ කියලා කියන්නේ මොකක් ද කියලා නොදන්නා මෝඩයෙක් විතර ද ?? ඕක ඵල රහිත ප්‍රේමයක්.. "
" ඵල රහිත වුනාට මට කමක් නැහැ.. මට ඕනේ ආදරේ කරන්න විතරයි.. අයිති කරගන්න නෙවේ.. ඒ කෙනාට ඕනේ වෙලාවට එයා ලගින් ඉන්න.. එයත් එක්ක සතුටු හිතෙන වෙලාවට සතුටින් ඉන්න.. දුකින් ඉන්න වෙලාවට එයාව සතුටින් තියන්න.. හොදම යාලුවෙක් වෙන්න, ලගම නෑයෙක් වෙන්න.. ජිවිතේ බෙදා ගන්න.. එයාට දවසක යන්න ඕනි නම් යාවි.. වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් කරාවි. එදාට මම මගේ ආදරේ පැත්තකින් තියනවා.. හැබැයි යාළුකම එයා ලගින් තියනවා එයාට ඕනි නම්.. නැත්තම් ඈතට වෙලා බලන් ඉන්නවා.. හැබැයි කවදාහරි දවසක එයා තනි වුනොත් එයාගේ ජිවිතේ හිටපු අය යන්න ගියොත් මං ආයේ ආදරේ කරනවා.. එයාට එයාගේ හීන හොයා ගන්න උදව් කරනවා.. "
" උඹට පිස්සු !!! උඹ මෝඩයි !! මෝඩයාගේ ආදරය මරු කැදවයි කියන්නේ ඕකට තමා.. ඇත්ත තේරෙන දවසක උඹ හොදටෝම අඩාවී.. මැරී මැරී ජිවත් වේවි.. ජිවිතේ තනි වේවි.. උඹ විතරක් දුක් වේවි.. එයාලා සතුටින් එයාලගේ ගමන යාවි.. එහෙම වෙනවට කැමති ද ?? "
" තියේවිද කියලා නොදන්නා අනාගතේ දවසක් වෙනුවෙන් වර්තමානේ සතුට කැප කරන්න කියලා ද මට කියන්නේ.. කවදාම හරි දවසක එයා මගේ හිත කියෙව්වොත් ?? "
" එහෙම වෙන්නේ නැහැ.. ඉර හද වගේ විශ්වාසයි.. නුඹ නොදන්නවාට මුළු ලෝකෙම ඒක දන්නවා.. ඒ හදවතක් තියා හදවතක් කියලා එකක් තියෙනවා ද කියලාවත් දන්නා මිනිහෙක් නෙවේ.. සල්ලාල මිනිහෙක්ට ආදරේ කරන්න උඹට පිස්සු ද ?? "
එය එසේ ද ?? නුඹ සල්ලාලයෙක් ද ? ඒත් දිනක නුඹට හැකි වේද මගේ හදවත කියවූ මිනිසා වන්නට ?
නමුත් මෙය ලියනා මොහොතේ දීද මගේ හදවතට ඉහලින් මගේ සිතුවිලි මට බැන වදී.
" එය එසේ වන්නේ කොහොමද ?? ඔහු නුඹේ අකුරක්වත් නොකියවන මිනිසෙකු වූ කල.. ඔහු කවදාවත් මෙය නොදකින බව ස්ථිරයි.. "
ඉතින් සිතුවිලි වලට මම මෙසේ කියමි.
" ඔහු මෙය දකිනවාට මමත් සතුටු නොවෙමි. ඔහු නොකියවන බව දන්නා නිසාම මම මෙය නිදහසේ අකුරු කරමි. දිනක මෙය ඇස ගැටුනත් ඔහු මේ ලියන්නේ ඔහු පිළිබද කියා නොසිතවී.. මෙය හදුනාගත් දවසක ඔහුට මා හොයාගන්නටවත් නොහැකි වේවි. ඉතින් කුමට ද බිය වෙන්නේ ?? "
සිතුවිලි සුසුමක් හෙලා නිහඩව පසකට වෙනු මට දැනේ.
ඉතින් මා නුඹගෙන් ආයෙම අසමි.. හැකි ද මගේ හදවත කියවූ මිනිසා වන්නට.. ??? නමුත් ස්ථිරයි.. නුඹට නොහැකි වේවි.. මගේ හදවත කියවන්නට..
කමක් නැත.. නුඹ මගේ හදවත නොකියවුව ද නුඹ මගේ හදවතට සමීපතම මිනිසාය යන්න කිසිකලකත් නොවෙනස් නිසාවෙනි.
කිසි කලකත් නොවෙන්නක් වුව ද අහඹු ලෙසින් නුඹ මගේ හදවත කියවන්නට සුදානම් වුවහොත් මම නුඹට දෙපාරක් සිතන්න කියා ද අනතුරු අගවමි. ඒ නුඹ කිසිවිටකත් පසු තැවෙනු හෝ කනගාටුවෙන් සිටිනු දකින්නට මා අකමැති නිසාවෙනි.
දිනක නුඹ සිහින දකිනා අහිංසක සම්ප්‍රදායික ගැහැණිය වන්නට මට නොහැකි වේවි. ඒ
: වෙඩි තබා මරා දැමුවද මා නොනවතින මුරණ්ඩු ලියන්නියක් නිසාවෙන් නුඹට කේන්ති යාවි.
: දවසක්වත් නුඹේ එක ඇමතුමක්වත් එක වදනක්වත් නොඅසා සිටින්නටත් නොහැකි නිසාවෙන් මා රළු ව්යාඝ්ර ධේනුවක වී නුඹට ජීවිතය එපා වෙන තරමටම වද දේවි.
: හරිත වනාන්තර අස්සේ රිංගා සොබාදහමේ තුරුලේ සංචාරය කරන්නට කප්පරක් හීන දකින්නියක් නිසාවෙන් නුඹ සතා සීපාවා සොබාදහමට අකැමති අයෙකු නම් නුඹ නැතිවාට කමක් නැත.
: නුඹට ඕනෑවටත් වඩා මුදල් අවැසි නම් මා අමතක කරන්න.. කටු මැටි ගෙපැලක සුදු හාලේ බතක් සම්බෝලයක් සමගින් උයාගෙන කන්නට ගොම ගෑ සීතල බිමක සැතපෙන්නට බැරි නම්, යාචකයෙකුගේ නිවසකින් වතුර උගුරක් බොන්නට බැරි නම් නුඹ සිතිය යුතුමයි නැවත නැවත.. මා සමගින් එනවා නම් නුඹ පොළවක් මත දෙපයින් සිට ගත යුතු මයි.. ඒ මුදල් පසුපස හඹා යන මිනිසුන්ට මා වෛර කරන බැවිනි.
: නුඹේ අතීතය කවරක් වුව ද මට කමක් නැත. නමුත් මා නුඹගේ ජිවිතයට ඇතුළු වූ පසුව නුඹට වෙනත් ගැහැණියක දෙස බැලීම පවා මරු කැදවිය හැකි වරදක් විය හැකිය. ජිවිතයට ආදරේ නම් වෙනස් විය නොහැකි නම් තීරණය නුඹ සතුය. .
: මට නියමයක් තිබේ. මගේ හදවත බාර දෙන තැනත්තා සිතුවම් ශිල්පියෙකු හෝ ජායාරූප ශිල්පියෙකු හෝ විය යුතුමයි. දැන් ඉතින් නුඹ මෙය කියවනවා නම් හිනා නොවන්න.. මා එසේ කියන්නේ හේතු සහිතවයි. මන්ද ඔවුන් සියුම් දෑසක් සහ සංවේදී සොදුරු හදවත් සහිත වුවන් ය. ජිවිතේ සෑම සුන්දර මතකයක්ම අමරණිය කල හැක්කේ චිත්‍ර ශිල්පියෙකුට හෝ ජායාරූප ශිල්පියෙකුට පමණි. ඉතින් නුඹට ඒ කිසිවක්ම නොහැකි නම් නිහඩ වන්න..
: මා ලියනා අකුරු සියල්ලටම කලින් නුඹ රසවිදිනවා දකින්නට මා කැමැත්තෙමි. එහි අඩු පාඩු නුඹ දකිනවාට මා කැමැත්තෙමි. ඉතින් යමක් රසවිදීම පිළිබද හාල් ඇටයක දැනුමක් නුඹට නැති නම් නුඹ ඈත් වන්න..
: නුඹ සංගීතයට ආදරය කල යුතුමැයි. ඒ ඇයි දැයි නොඅසන්න. නමුත් මගේ ජිවිතයට හුස්ම දිය හැක්කේ සංගීතයට සංවේදී අයෙකුට බව මා විශ්වාස කරමි.
දහසක් කොන්දේසි මා කියන්නේ නැත. දෙඅතේ ඇගිලි ගණන ඉක්මවා නොයන තරම් ඉල්ලීම් පමණක් මා සතුය.
නුඹ මගේ හදවත යම් දිනක කියවන්නට හදන්නේ නම් මේ සියල්ල පිළිබද නුඹ සිතිය යුතුය.
ඒත් ඉතින් නුඹට මගේ හදවත කියවන්නට තරම් පිස්සුවක් නොමැති බව දන්නා හෙයින් මා නිදහසේ මෙසේ අකුරු කරමි.
සමහර විටක හෙට අනිද්දා දවසක අපි වෙන් වේවි. ආයෙම වෙන සංසාරේ දවසක හමු වේවි. හමු නොවී තියෙන්නට විදියක් නැතැයි මට සිතේ.. පෙර සංසාරේකත් හමු වෙලා එකතු වෙන්නට බැරි වුනා නිසා වෙන්න ඇති මේ සංසාරේත් අපි මෙලෙස හමුවෙන්නට ඇත්තේ.. හැබැයි මේ සංසාරෙන් සමු ගන්නට මත්තෙන් මට හැකි වේවි ද නුඹෙන් ඒක ඉල්ලීමක් කරන්නට..
" මේ සංසාරේත් බැරි උනාට එළඹෙන අන්තය වගේ දුර සංසාර ගමනෙන් ඒක සංසාරයක්වත් මට දෙන්න පුළුවන් වේවි ද නුඹගේ වෙන්නට ? ඒ සංසාරේදිවත් නිවන් දකින තුරු නුඹ හා ඇවිද යන්නට හැකි ද මට අවසරයක් දෙන්න.. ?? "
( මගේ අකුරු තුල ජිවත් වන චරිත සැබෑ ලෝකයේ ජිවත් වෙනවා ද කියා මමවත් නොදනිමි. ඉතින් ඔවුන් සොයා මා විමසීම ඵල රහිත බව ඔබ දත යුතුය. මේ හැම අකුරක්ම ඔබේ කරගෙන එහි ජිවත් වුවාට මට කමක් නැත. මා ඔබ නොහදුනන නිසාවෙන්... නමුත් මා ද නොදන්නා චරිත වෙනුවෙන් මා විමසා මා වෙහෙසට පත් නොකරන්නට හැකි නම් නම් අගෙයි.. )
Wednesday, April 8, 2015
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
වැස්ස පෙම්වතුන්ට ආශීර්වාදයක් කියලා කවුදෝ කියලා තිබුණා. ඒ නිසාම වෙන්න ඇති පෙම්වත් හිත් මේ තරම් වැස්සට ආදරේ කරන්නේ..
ඒ කොහොම වුනත් හිරිකඩ හිතල සුළගයි මන්දාරම් අදුරයි එක්ක ලහි ලහියේ වෙල් යාය දිගේ ඈතින් එන වැහි කෝඩයට ආදරේ නොකරන්නේ කවුද ??
මේ දවස්වල හවසට කෝච්චියේ ගෙදර යනකොට මරදානට මහ වැස්ස වුනාට මුතුරාජවෙල දිහාවේ පහු කරද්දී මුතුරාජවෙලට ලං වෙන වැසි අදුර අපුරුවට අහස පුරා සිත්තම් වෙනවා. කෝච්චිය නොයා මුතුරාජවෙල ගාවින් නවත්තගෙන ඉන්නවා නම් කියලා හිතෙන්න තරම් ඒ දසුන හරිම අපුර්වයි.
කෝච්චියේ ජනේලට කම්මුලත් හේත්තු කරගෙන ඒ දිහාවේ බලන් එද්දී මට මතක් වුනේ ඔහුව.
හිමි නොවෙන බව දැන දැනත් මගේ හිත මාවත් ඇදගෙන ගිහින් නතර කරන්නේ ඔහු ගාව. ඒ ලෙන්ගතුකමට ආදරය කියලා අරුත් දෙන්න මට බැහැ. හැබැයි එහෙම නොවෙයි කියන්නත් මට බැහැ. මං දන්නා එකම දේ ඔහු හැබෑ නොවෙන හීනයක් කියන එක. එහෙමයි කියලා ඔහුට තියෙන ලෙන්ගතු හිත අමතක කරන්නත් මට බැහැ,
හැමදාම හමුවන හොදටෝම ආඩම්බර හැබැයි ටිකක් සැර චරිතයක්. මටත් නොදැනීම ඔහු ලග හිත නතර වෙන්න තරම් අපුරු පෞර්ශයක් ඔහු ලග තිබුණා. ඒ සේරටම වැඩිය කතා කරන ඇස් දෙකක්..
කඩවසම් පෙනුමයි කතා කරන ඇස් ලගයි නතර නොවෙන ගැහැණු හිතක් තියේවි ද ??
නින්ද අහිමි රාත්රීන්ට දෙසවන් ලග තනි රකින්නේ කසුන් කල්හාරගේ ගීත..
කසුන්ගේ ගැඹුරු කටහඩින් භාවාත්මක තනුවක් එක්ක ගැයෙන සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගීතය අහන වාරයක් පාසා නෙත් කොනට කදුලක් උනන්නේ ඔහු මට හිමි නොවෙන බව දැනෙන නිසා ද නැත්තම් කසුන් හරියටම මගේ හැගුම් ගයනා නිසා ද කියන ඒක මං තාමත් හිතනවා.
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
උදේට දුම්රියේ දී නෙත ගැටෙනා ඔහු හමුවුණු දවස් මතක තියා ගන්න නිල් පෑනෙන් දිනේ ලකුණු කරගත්තු දුම්රිය ටිකට් ගොඩක් එකතු කරන්න තරම් ඒ හැගීම බොලද බව මං දන්නවා. ඔහු නාව දවස් වලට දුම්රිය ටිකට් ඔහේ විසික් වෙනවා.
ඒ සිතුවිලි බොලද වුනත් ඒ සිතුවිලි මාව ජිවත් කරවන හැටි මට දැනෙනවා. නමුත් ඔහු අන්සතු වස්තුවක්. අනිත් අයගේ කතා බහින් මට තේරෙන තරුණිය ඔහුගේ ජිවිතයේ වර්තමානය ද අතීතය ද කියන්න මං දන්නේ නැහැ. ඒ ගැන සොයලා හිත රිද්දගන්නේ මොට ද ??
හිමි නොවෙන බව දැන දැනත් අහස උසට පෙරුම් පුරන්න.. වචනෙකින් දෙකකින් සතුටු වෙන්න.. ප්‍රේමයේ විල් තෙර අභියස යෞවන සිතක නැගෙන හැගුමන් හරි පුදුමයි.
එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
පහන නිවුනත් පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
Saturday, May 24, 2014
ඇහැලේපොළ කුමාරිහාමියි අතීතයයි - 01
1814 මැයි 17 වෙනි ද ට එලි වෙද්දී නුවර අහස පුරාම කළුවට කළුවේ මහා මුසල අදුරක් මුහු වෙලා තිවුනේ මොකක්දෝ වින්නැහියක් වෙන්න යනවා කියලා කලින් ම ඉව වැටිලා වගෙයි. ජනෙල් කුරු අතරින් අහස දිහාවේ බලාගෙන මොනවාදෝ හිත හිතා වුන්නු ඇහැලේපොල කුමාරිහාමිගේ හිත එක පාර හොයාගෙන ගියේ ටික දොහොකට කලින් සිද්ද වෙච්ච මහා මුසල සිදුවීම දිහාවටයි.
එදා සබරගමුවේ රාජකාරි වැඩක් කොරගෙන එන්න කියාගෙන නිලමේ වේලපහින්ම ගියාට ආයෙම එන්න තව දවසක් දෙකක් ගත වෙන බව දන්න නිසාම වේලපහින්ම වලව්වේ වැඩ කටයුතු ටික අහවර කොරලා වලව්වේ දොරවල් ටික වහලා දරුවෝ ටිකයි සෙදෝ යි එක්ක වලව්වේ ඇතුලට වුනේ හොර හතුරෝ එනවා ටම නෙවේ කොයි දේටත් පරිස්සම හොදයි කියලා දන්න හින්දා.
රෑ දෙගොඩ හරිය වෙනකම් කාමරේ කොනක දැල්වුණු කැකුණ තෙල් ලාම්පුවත් හෙමිහිට පල්ලම් බහිද්දී දැනෙන තිර පිළිස්සුම් ගදත් එක්ක යන්තම් ඇහැ පියවිගෙන යද්දී ඒක පාරටම විදියේ කොනකින් ඇහුනු අස්ස කුර ගැටෙන සද්දෙත් එක්ක කුමාරිහාමිගේ හිත ගැස්සුණ ත් කවුරුන් හෝ පණිවිඩයක් රැගෙන මාලිගයට යනවා ඇති කියලා හිත සනසා ගෙන නින්ද සැරසුණා විතරයි අස්ස කුර හඩ ලං ලං වෙලා ඇහෙන්න අරගත්තා.
ටිකක් වෙලා ඇහුම්කම් දීගෙන වුන්නු හන්දා දැන් නම් ටක්කෙටම අස්සයා ඉන්නේ ඇහැලේ පොළ වලව්වේ ගෙමිදුල දිහාවෙන් කියලා කුමාරි හාමිට සැකයක් නෑ..
නිලමේ මේ මහා රෑ දෙගොඩ හරියේ එන්නේ නැති බව හොදටම දන්න හින්දා ම කුමාරිහාමි කොයි කටත් කියලා යහන පාමුල පැදුරු කඩමාලක් දාන් නිදන් වුන්නු සෙදෝ ව අවදි කරන්න තැනුවේ කොයි එකටත් තනියට සෙදෝ ව ඇහැරෝන එක හොදයි කියලා දැනුනු හන්දා යි. ඒත් කුමාරි හාමි කොච්චර කතා කරත් සෙදෝ ව ඇහැරව ගන්න එක අමාරු රාජකාරියක් වුනා.
ගෙයි මිදුලේ දෙතුන් දෙනෙක් දෙතුන් දෙනෙක් ගේ අඩි සද්දේ ඇහෙද්දී හිතට වෙර වීර්ය කර ගත්තු කුමාරිහාමි ජනේලය ලග ඉදන් පියන ලාවට ඇරලා එළිය බැලුවේ දොර අගුලු තදින් අගුළුලා ද කියලා තහවුරු කර ගත්තාටත් පස්සේ..
පුර සද එලිය තිබුණු හින්දාම චෙරි ගහේ බැදලා වුන්නු අස්සයවත් ඒ අසලම වුන්නේ රාජකීය හේවායනුත් අදුර ගන්න එක කුමාරි හාමිට අපහසු වුනේ නම් නැහැ..
හෙමිහිට දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි ට මතක් වුනේ නිලමේ එක්ක දෙතුන් ගමනක් මාලිගාවට ගිය වෙලේ වඩිග රජු ගේ ඇස් වල තිබුණු මනමාල බැල්ම..
" කවුද.. " තුන්වෙනි පාරටත් දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි හිතට නැගුණු තරහෙන්ම ඇහුවා..
" කුමාරිහාමි.. මේ මම ශ්‍රී වික්‍රම.. "
කුමාරිහාමි ගේ කටහඩ ඇහුණු දිහාවට ඇස් යොමු කල හෙයින් දෝ ජනේලය පියන යන්තමින් විවෘත බැව් දැක එතැනට පැමිණි රජුගේ ඝන රැවුලෙන් වැහුණු මුහුණ ජනෙල් පියන අතරින් පෙනෙන්නට විය. හිත තරමක් ගැස්සුණ ද ඒ බැව් රජු ට නොපෙන්වන්නට කුමාරිහාමි ඉටා ගත්තාය.
" නිලමේ ගෙදර නැහැ නොවැ.. ගියේ සබරගමු රාජකාරියකට බැව් ඔබතුමා දන්නවාත් ඇති නේ.. "
" මම දන්නවා කුමාරිහාමි.. නිලමේ ම සබරගමු යැව්වේ මම යි.. මම ආවේ ඔබ හමුවෙන්නටයි.. දොර අරින්ට කුමාරිහාමි.. "
රජ කෙනෙක් ට තරම් නොවෙන ඒ වදන් ඇසීමෙන් කුමාරිහාමිට නැගුනු කෝපය මෙතකැයි කිව නොහැකි තරම් ය.
" ලැජ්ජා නැති මහරජ... ස්වාමියා නැති ගෙදරකට මේ මහා රෑ පැමිණීමත් ඔබ වන්නෙකුට නොවටින්නකි.. ඒ නිසා වහාම මෙතනින් ඉවත් ව යන්න.. "
හිතට නැගුනු කෝපය නිසාම ජනෙල් පියනත් වඩිග රජුගේ මුහුණට තදින් වසා දැමුවාය.
" හඃ හොදයි කුමාරිහාමි.. එහෙනම් නුඹ විරුද්ධ වුනේ මේ රටේ මහා රජු ට බැව් සිහි තබා ගත්තොත් හොදයි.. පල විපාක ත් නුඹට බලාගන්න පුළුවන් ලගදීම.. හඃ "
තමන්ට සිදු වූ අවමානය දරාගත නොහැකිව රජු පිටව ගියේ කෝපයෙනි. අස්ස කුර හඩ නැගෙන වේගයටත් වැඩියෙන් කුමාරිහාමිගේ හිත ගැහෙන්නට වුයේ රාජ කෝපයට කල නොහැකි දෙයක් නැති බැව් දන්නා නිසාමය.
එහෙත් එහෙමයි කියා තමන්ගේ සැමියාට ද්‍රෝහී වෙනවාට වඩා බෝගම්බර වැව් දියට පැන මියෙනවා සැපකි. මැරුවත් වඩිගයාට අවනත වෙන්නෙත් නැති බැව් සැබෑය.. එහෙත් මොහොතකට කලින් සිදුවීම නිසා හිතට දැනුණු බිය නිසාවට දෝ කුමාරිහාමි රෑ එලි වෙනතුරු හඩා වැටුනාය..
පාන්දර කුකුළාගේ කණිසමට ඇහැරුණු සෙදෝ කුමාරිහාමි යහන මත නොමැති නිසාවෙන් කලබලයෙන් හොයද්දීත් කුමාරිහාමි තවමත් දොර පාමුල කදුළු එක්ක කළුවර අහසට හුල්ලන ගමන්..
Subscribe to:
Posts (Atom)