Thursday, April 10, 2014

අසම්මත කවියක ඉස්පිල්ලක් මත හිද නුඹට ලියමි...

නුඹ දකින සැරයක් ගානේ
රිදුනේ මටයි මගේ සිතටයි
වාරු නැතිව ඉකි ගසා හැඩුවේත්
මමයි මගේ හිතයි විතරමයි

අසම්මතයට බියෙන් ඇකිලී
නුඹ එපා කිව්වෙත් මමයි
දැක්කත් නුඹ නොදැක්කා සේ
ඉවත බලා උන්නෙත් ඒ මම මයි

කල්පයක් තරම් දිග ඈතක
ලෝකයක් අමතක කර
හිතින් ලංව උන්නෙත් අපි දෙන්නායි
මහා ඉවුරු කඩන් වැටුණු
මොර සූරන වැස්සේ
සීතලෙන් එකට ගුලිවී
හීනයක් මැව්වේත් ඒ අපි මයි

නුඹ යෙහෙලියන් හා මුහු වී
සිටිනු දැක තරහෙන් සිත
පාරවා ගත්තෙත් මමයි
නොලැබෙනා බව දැන දැන
නුඹට පෙම් කලෙත් ඒ මමමයි

රෑ නින්දෙන් නුඹ ගැන හීන මවා
ඉකි බිද බිද හැඩුවේත් මමයි
නුඹ අහිමි හීනයක් බැව් දැන දැන
නුඹ දකින්නට පෙරුම් පිරුවෙත් ඒ මමමයි

අන්සතු වී කුලගෙට යන්නෙත්
නුඹට පෙම් කල මේ හිතමැයි
මංගල දෝලාව ඔසවාගෙන
අද ආසිරි දෙන්නෙත් ඒ නුඹමයි

අසම්මතයක කොටු පවුරට මෙහා
ඉදන් මම විදි දුක් බෝමයි
එහෙව් හිතකට නුඹ දුන් ගින්දර
දරන්න බෑ පුදුමයි

කදුළක් හිනාවකින් මකන්න
නුඹ හොයාගෙන ආවා තමයි
ඒත් නුඹ ඔහොම කරන වග
දැන උන්නා නම්  මම
නුඹ දකින්න එන්නැහැ
සත්තයි...



26 comments:

  1. රෝලෙ අප්ඩේට්වෙලා තියෙන ඔක්කොම පෝස්ට් කවි සහ නිසැදැස් අද. ඔන්න මේකත් රසවින්ද.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල වහින නිසා ගොඩක් අය සීතලට කවි නිසදැස් ලියනවා ඇති.. ඒ නිසා කවි නිසදැස් බ්ලෝග් වල වැඩියෙන් ඇති.. :)

      Delete
    2. මම මෙතන දාපු කමන්ට් එක කොයි නගේ...?

      Delete
    3. මෙතැන comnt එකක් තිබුනේ නැහැ අයියේ.. පහල නම් දාලා තිබුණා..

      Delete
    4. හෑ,මට දැම්මා වගේ මතකයි.පෙරේදා රෑ ඔලුව දොර උළුවස්සේ හැපුණා කළුවරේ ගිහින්.තාමත් අවුල් එක නිසයි මයේ හිතේ...:D

      Delete
    5. මටත් හිතුනා කොහේ හරි ඔලුව වැදිලා තමා කියලා :D :v

      Delete
  2. කඳුළක් හීනාවකින් මකන්න පුළුවන් වෙයිද? හ්ම්ම් මම තාම කල්පනා කරනවා.

    කවි ටිකනම් පට්ට මොණරියෙ.

    ReplyDelete
    Replies
    1. පුළුවන්නේ.. :) මං මගේ අදහස නොකියා ඉන්නම්කො.. චතුරංග අයියා කල්පනා කරලා කි හිතුනු දෙ කියන්නකෝ එහෙනෙම්.. :)

      ස්තුතියි :D

      Delete
  3. ටිකක් පැටලුනා අවසානය කියවද්දී ...

    අසම්මතයක්ද තනි අතින් අත්පුඩි ගැසීමක්ද?

    "ඒත් නුඹ ඔහොම කරන වග
    දැන උන්නා නම් මම
    නුඹ දකින්න එන්නැහැ
    සත්තයි..."

    කොටස මොකටද මොනරි

    ReplyDelete
    Replies
    1. අසම්මතය කියන්නේ සම්මතයට පටහැනි දෙයක් නේ.. ඉතින් වෙන කෙනෙක් එක්ක කුල ගෙට යන යුවතියක් තව කෙනෙක්ට පෙම් කරන එක වැරදි නේ.. එකයි අසම්මතය කියන්නේ..

      තනි අතින් අත්පුඩි ගසිමක්ම නෙවේ..

      අපොයි ඔය සේරම කියන්න ගියොත් මට කවියට පාදක වුනු නිමිත්ත කියන්න වෙනවා.. ඉවාන් අයියා කටින් අල්ලගන්න නේ යන්නේ.. :D

      කෙල්ල අන්තිමට ඔය ප්‍රේමය පිළිගන්න යද්දී කොල්ලා ලෑස්ති නැහැ කෙල්ල බාරගන්න තියා කතා කරන්නවත්.. සමහර විට වෙන කෙල්ලෙක් ඉන්න පුළුවන් නැත්තම් වෙන හේතුවක් වෙන්න පුළුවන්..

      මෙච්චර කල් අඩලා අඩලා රිදව ගත්තු හිතට සැනසීමක් හොයන් නුඹ ගාවට ආවත් ප්‍රතික්ෂේප වෙන බව දැන උන්නා නම් එන්නේ නැහැ කීයටවත් කියන එක තමා අදහස..

      Delete
  4. අසම්මත කවියක් !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අසම්මත කවියක් :)

      Delete
  5. මෙක මේ වැඩිමල් කෙල්ලකට කරපු ලවක් ගැන සීන් එකක් ද ??මට තෙරුණේ නෑ???

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම අපරාදයක් නොවේ.. :D මේක අවුරුදු දෙක තුනක් වැඩිමහල් කොල්ලෙක්ට කරපු ලවක්..

      අසම්මත කියන්නේ කෙල්ල වෙන කෙනෙක්ව බදින්න ඉද්දි මේ කොල්ලාට පෙම් කරන එක.. තේරුනේ යි..

      Delete
  6. ආදරය තුල කොහේද මොණරියේ සම්මත,අසම්මත බවක්...

    ReplyDelete
    Replies
    1. ආදරය තුල එහෙම එව්වා නැති වුනාට අයියේ ආදරයට පිට ඉන්න අයට එව්වා පේනවා නේ..

      Delete
  7. තනියෙන් ආදරය කරාම ඔහොම තමා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ දේශකයෝ.. ඒත් ඉතින් අන්තිමට ආදරේ කරන්න අනුබල දුන්නු කෙනාම අහක බලපු ඒකනේ වැඩේ..

      Delete
  8. සොඳුරැයි ඔබේ නිර්මාණය! ජය පතමි!!

    ReplyDelete
  9. සිතිවිල්ල අරුත්බරයි...... සිතට ලෙසටම දැනෙනව ....

    ReplyDelete
  10. හැගීම්බරව ලියල තියෙනව..විචිත්‍රයි..

    ReplyDelete
  11. සිංහල බෙහෙත් කලොත් හරි යයි මම හිතන්නේ ?? හොදට ලියලා තියෙනවා ලස්සණයි මොණරි....

    ReplyDelete
    Replies
    1. ආදරේටයි විරහවටයි කොහෙන්ද බන් බෙහෙත්.. :D ස්තුතියි මස්සිනා.. ;)

      Delete