ඉස්සර දවසක අපි
දළදා විදියේ හමු වී
අහස උසට
පෙම් කරන්නට ඇති
අර ඈතින් තාමත්
පායා එන සද
පුන්සදක් ලෙසින්
බලා හිදින්නට ඇති
මේ සෙංකඩගල
අහස යට
අපේ බලාපොරොත්තු
මහා පවුරු බදින්න ඇති
ඉස්සරම දවසක
නුවර වැව රවුමේදී
අපේ දෑගිලි බැදුණා
තාමත් නිලමේට මතක ඇති
නපුරෙක් ඇවිත්
හිරු සදු තරු සේරම
වැව් පතුලේ හැංගුවා
දළදා හාමුදුරුවොත්
බලා හිදින්න ඇති
සෙංකඩගල අහස
දිවා රෑ නොබලා
තාමත් ඉකි ගසා හඩනවා
වැව් දියත් දන්නවා ඇති
මැද මිදුලේ
සමන් පිච්ච වැල
තාමත් මල් පිපි
සුවද හමනවා ඇති
මම නුඹ එනකම්
වැව රවුමේ
සක්මන් කරනවා
දේව සංහිද ලගටත්
පේනවා ඇති
" ඇයි පුංචි කුමාරිහාමි
නුඹ අදත් තනියම
නිලමේ තවමත් සුනංගු
දේවකාරියක් වෙන්න ඇති "
ඉස්සර වගේම
වැව් දිය තාමත්
නුඹ ගැන අහනවා
නුඹත් දැන් දන්නවා ඇති
ලස්සන වචන ටික...
ReplyDeleteස්තුතියි..
Deleteපට්ට..................
ReplyDeleteඅපූරු අදහසක් වෙනද වගෙම...
ස්තුතියි මහේෂ්...
Deleteලස්සන අදහසක්... මේ නුවර අහස යට ඔය වගේ ආදර කතා කීයක් නම් අවසාන වෙන්න ඇති ද ?
ReplyDeleteස්තුතියි මධුරංග අයියේ.. මේ වෙනකොටත් ඒ වගේ කතා කියක් අවසන් වේවි තියෙනවා ඇද්ද.. ??
Deleteහ්ම්ම්..... ලස්සනයි
ReplyDeleteස්තුතියි මධාරා.. කාලෙකින් දැක්කේ :)
Deleteසරල වෙන තරමට හැම දේම සුන්දරයි…………
ReplyDeleteඒක නම් ඇත්ත.. ස්තුතියි ප්‍රියා..
Deleteලස්සනයි මොණරි... නුවර වැව් රවුම, සෙංකඩගල අහස කොයි තරම් නම් ආදර කතා අහලා ඇතිද ...
ReplyDeleteස්තුතියි තුෂාණි :) ආදර හෝ විරහ කතාවක් ලියන්න සුදුසු පරිසරය මට නම් නුවර// එතැන් අමුතුම මිහිරියාවක් තියෙනවා ලෝකේ කොතැනකවත් නොදැනෙන
Deleteලස්සණ යි, අරුණි. මම නං හිතන්නේ සෙංකඩගල අහස යට සිද්ධ වුණ ආදර කතාවලට වඩා වෙන් වීම් වැඩි යි! හැමෝම ලියන්නේ ආදරේ ගැන විතර යි! විරහව ගැන ලියන්න කවුරුත් නෑ.
ReplyDeleteස්තුතියි ධාරා.. :)
Deleteමේකත් අපි දන්නා එක ප්‍රසිද්ද ආදර කතාවක විරහවක් ගැන කියවෙන නිසදැසක් ධාරා.. හොදින් අරුත් වගේම ස්ථාන හිතට අරන් කියෙවොත් ඒ කවුද කියලා තේරුම් ගන්න පුළුවනි..
විරහ ගැන ගොඩක් අය ලියන්නේ නැත්තේ විරහවෙ මිහිරියාවක් තිබුනත් ඒ විරහ විදපු පුද්ගලයට තරම් ම අකුරු කරන කෙනාට දැනෙන වේදනාවත් වැඩි නිසා වෙන්න ඕනේ..