පුරපෝය සද මැද මිදුලේ තනියම
නුඹ කොහිද අහනවා හෙමිහිට
වෙනදට තනි රකින ගැටපිච්ච මල් පදුර
මලානික වෙලා අද නම් හොදටෝම
නුඹ දන්නේ නැහැ විසල්
නෝක්කාඩුකම් හැම තැනම
රෑ සේපාලිකා මල් පුසුඹ එක්ක
එහෙ මෙහෙ දුවන හිතුවක්කාර සුළග
නුඹටත් දැනෙනවා ද මට කියන්න
ආදරේ කවියකින් ලියා එව්වෝතින්
සුළග ගෙනවිත් දේවිද අහලා බලන්න
දේව අඩවියේ තේ වතු අස්සෙන්
දෑ සමන් පිච්ච මල් පිපෙනවා තවම
එපා මගේ විසල් දෑස් හැර බලන්න
තේ බංගලා හෙවණේ හැදෙන
හැම ලෙච්චමීම එක වගේ නැහැ ඔන්න
කෝවිලේ සීනුව වදිනකොට
නළලතේ සින්දුර් තිලක තියන්න
පාතීගේ මංගල තැල්ල පැළදගෙන
ඔය පපුතරේ මයේ හුස්ම හංගන්න
මංගල්ලේට වැඩි දවසක් නැහැ
නුඹට මතකයි නේද කියන්න
ආදරේ හිත පුරාවට විදගන්න
නෙක කතා කියවා නුඹ අවුස්සන්න
කැරලි කොණ්ඩේ අවුල් කර දා දුවන්න
නුඹ නැතිව පාලුයි හොදටෝම
දැන් නම් පිළිගන්න වෙනවා මට
අරුණි කළුපහන
nice
ReplyDeletethank you :)
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තුතියි කටකාරි :)
Deleteනුඹ ලඟින් උන්නු හැටි දැනෙනකොට
ReplyDeleteහිත් වලින් ඇස් වලට හීනියට
නුඹ අතින් මගෙ හිතේ අකුරු කල
කවිය කියවෙන විට නොමැති විට නුඹ
හිතෙනවා දුව එන්න සියක් ගව්වක් වුවද
තුරුලු වෙන්නට මොහොතකට...
^_^ <3
Delete