Tuesday, July 25, 2017

හිත රිදෙන කවියක්


ලිය ලියා මකන
බොහෝ කවි අස්සේ
ඔබ ඉන්න ඇති
හිත හිතා තැවෙන
තනිකමින් පිරි රාත්‍රින් ලග
ඔබ ඇවිත් යන්න ඇති

අහම්බෙන් හමුව
ඉක්මනින් නික්මෙන
සමහර හමුවීම් ලග
කියන්නට බොහෝ දෑ
තියෙන්නට ඇතී
ඒත් නොකියාම
නික්මෙන්නටත් ඇති

හිමි වීමක් නොදකින
අහිමි අහසක් යට
අපි තවමත් ඔහේ
බලා ඉන්නවත් ඇති
ඒ නිසාම මේ විදියට
හිත් රිදෙන කවිත්
ලියවෙනවා ඇති

#අරුණි
2017 July 23

4 comments:

  1. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    ReplyDelete
  2. හ්ම්ම්...
    හිත රිදෙන කවි හුඟක්,
    රිදුනු හිතකින් නික්මෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. රිදුම් දරා ගන්න බැරිම තැන ලියවෙන්න ඇති.

      Delete