Saturday, February 10, 2018

හදවත රිද්දු මිනිසා ඔබ

හිත රිදෙන බව දැන දැන
හිත රිද්දු මිනිසා ඔබ
හද ගැහෙන බව දැන දැන
හදවත මරා දැමු මිනිසා ඔබ

අයිති නැති මුත් පෙම් බදින්නට
සිත තදින් අල්ලා ගත් මිනිසා ඔබ
මැරෙන උපදීන හිත හොදටම රිද්දා
නමක් නැති බැදීමට තිතක් තියන්නට
කැටයම් ඇල්ලු අසාධාරණ මිනිසා ඔබ


#අරුණි

2018/02/10

4 comments:

  1. ආදරයට කොහෙද සාධාරණ අසාධාරණ බවක්? මම නම් කැමති නම් නැති බැඳීම් වලටම තමයි. සම්ප්‍රදාය විසින් රාමුවකට කොටු කරල එකිනෙකා සමඟ ගනුදෙනු කල යුතු ආකාරය ගැන ගයිඩ් ලයින් දීලා තියෙන බැඳීම් වල තියෙන කෘතිම ගතිය නම් නැති, රාමුවකට දාන්න බැරි බැඳීම් වල තියෙනවා. ඒ වගේ බැඳීමක කොටස්කාරයෙක් වෙලා, ඒ බැඳීමේ සීමා මායිම් තමාම හොයන එක, තමාම සලකුණු කරන එක වෙනම ආතල් එකක්. මම කැමති එහෙම බැඳීම් වලට.

    කවිය ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජේම්ස්.. මාත් හිතනවා අපි ලංකාවේ නැතිව වෙන සංස්කෘතියකට දාව ඉපදුනා නම් හොදයි කියලා..

      Delete
  2. හදවත නැති මිනිසා ඔබ ‍
    නෙත කඳුළැලි ගෙනාව...

    ReplyDelete
    Replies
    1. දැන් අඩන්නේ නැහැ.. කඳුළු ගල් වෙලා ලු

      Delete