Sunday, March 12, 2017

කවිය ඔබ


කවිය ඔබ
ලියා නොලියා
අවසන් කල
කවිය ඔබ

කවි තනන්නට
අකුරු දී
ඒ අකුරින්ම
සිත රිදවා ගත්
පෙම්බර කවිය ඔබ

රිදෙන විට
හඩන්නට
හඩන විට
රිදවන්නට
කවි පද ලෙසින්
අවි ගෙන ආ
කවිය ඔබ

සියක් කැළැල් තුල
නිකැළැල්ව හිද
සිත් අදුරු කල
ආත්මයක් ගැන
ලියන්නට කියා
සිත විනාස කල
දඩබ්බර කවිය ඔබ

මා ඔබට ලියු කවිය
ඇයට හිමි කර දෙන්නට
කවි පේලියක් උදුරා
තව හිතක ඇලවූ
නමක් දිය නොහැකි
අසම්පුර්ණ කවිය ඔබ !

- අරුණි කළුපහන

6 comments:

  1. දඩබ්බර කවිය ඔබ
    හිතුවක්කාර හිතක නැවතුන
    තවත් කීම නගනු අවි මට
    කවිය ඔබ
    හිතම පැරුව

    ReplyDelete
  2. අකුරින් අකුර
    ආදරෙන් අකුරු කල
    නොතබාම තිතක්
    නිමාවුණු හදිස්සියේම
    කවිය නුඹ
    අතරමං කල
    හදවතම..

    ReplyDelete