කොළඹ අහස යටින් හිරු අවරට යන්න තවත් හෝරාවක් දෙකක් ඉතිරිව තියෙන්නට ඇති. ඕෂධීගේ 28 වන උපන්දිනය සමරන්නට හැමෝම ටිකෙන් ටික වෙරළ තීරය අසල තිබු අවන්හලට එක් රැස් වුණේ අතීත මිතුදම් හා බැඳි ආදරණීය මතකත් දෝතින් අරගෙන. අවන්හලේ අඳුරු කෙළවරකට වී චේතිය බීර වීදුරුවත් අතැතිව බලාගෙන හිටියේ අමුත්තන් සාදයට පිවිසෙන දොරටුව දිහාවේ. ඒ, ඇය ඒවි යැයි ඔහුගේ හිතේ පුංචිම බලාපොරොත්තුවක් හෝ තිබුණු නිසාවෙන්. එහෙම නෙවෙයි කියලා හිතට බොරු කරන්න චේතියට බැහැ.
අවුරුදු පහකට ඉහත දවසක දී අවසන් වතාවට ඇයව ඇහැ ගැටුණ මොහොත චේතියට තවමත් එලෙසින්ම මතකයි. තමන් ඇස ගැටුණ හැටියේම කඳුළු පිරි දෙනෙතින් ඇය ඉවතට දිව ගිය අයුරුත් ඉන් දින කිහිපයක් ගෙවී ගිය තැන විවාහ වූ ඇය, රට හැර ගිය බවත් චේතියට කීවේ මියුරු. මියුරු ඇතුළු චේතියගේ මිතුරු පිරිසම විවාහයට එක් වුවත් චේතිය එදින පටන් ජීවිතය වැඩි හරියක් ගෙව්වේ ඕනෑකමින් නෙවෙයි. පාළු රාත්‍රීන් ළඟ ඔහුට බොහෝ විට තනි රැක්කේ මධුවිත. හුදකලාව දරා ගත නොහැකිම තැන වන වැදුණු ඔහු පරිසරය හා එක්ව රස්තියාදුවේ ගියේ කැමරාවත් අතැතිව. චේතියගේ කඳුළු, බරැති සුසුම්, පාළුවට ගිය හදවත දරා ගත්තේ ගහකොළ.
"දන්නවද චේතිය, ඔයා හඳ නම් මම තරුවක් වෙනවා අහසේ. ඔයා ඉරක් වුණොත් මං වළාකුළක් වෙලා ඔයා ගාවම ඉන්නවා. කවදාවත් දාලා යන්නේ නැහැ."
"එතකොට මම තරුවක් වුණොත්.. ඔයා මොකද කරන්නේ අමා.. ? "
"ඔයා තරුවක් වුණොත් නේද ? එතකොට මම වල්ගයක් වෙලා ඔයාව වල්ග තරුවක් කරනවා."
තමන් එදින උස් හඬ නගා හිනැහෙන විට දී ඇය ද තමන්ගේ උරහිසට වාරු ව සිනහා වූ අයුරු තවමත් ඔහුට ඇහෙනවා වගේ දැනෙනවා. තමන්ගේ අහසේ හුළඟක් වෙලාවත් රැඳෙන්නට ඇයට නොහැකි වුණේ ඇයි කියලා ඔහු තවමත් හිතනවා.
"මචන්.. "
පසෙකින් සිටි මියුරු චේතියට ඇස්වලින් පෙන්නුවේ ඕෂධී හා එක්ව කතාබහක නියැලෙන ඇයව. එහෙනම් ඇය ඇවිත්. ඒ අමා. පස් අවුරුද්දකට පෙර වචනයක්වත් නොකියා යන්නට ගිය ඇය. චේතියගේ අතේ මත්පැන් වීදුරුවක් දකින හැම මොහොතක ම ඇය ඉස්සර තරහින් රතු වෙනවා. ඒ ආදරේට. ඔහුට ආයෙත් ඇයව පරික්ෂා කරන්න හිතුණා. ඔහු බීර වීදුරුව පසෙකින් තබා අසල තිබු මත්පැන් වීදුරුවක් සුරතට ගත්තා. ආදරේ දී හැමෝම බොළඳයි. ඔහුත් එහෙමයි. ඉස්සර හිටපු අමා චේතියටත් වැඩිය බොළඳයි. ඒත් දැන් ඇය ගැන ඔහු දන්නේ නැහැ. ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්න ඔහුට බැහැ. නමුත් හිත කීරි ගස්සපු වේදනාව ඔහුට තවම අමතකත් නැහැ.
ඇය ඕෂධීගේ යෙහෙළියක්. දවසක් නාඳුනන ලෙසින්, අහම්බෙන් ඕෂධීත් සමඟින් එන ඇය අන්තිමට චේතිය ගාව නතර වෙන්නේ මුළු හිතම අයිති කරගෙන. එතැන් පටන් වසර දෙකක් තිස්සේ ගෙවී ගිය ආදරයක ආදරණීය මතක කාටවත් තවමත් අමතක නැහැ. වෙනස් වුණේ ඇය විතරයි.
"චේතිය..."
ඕෂධී ඇවිත් පසෙකින් හිඳ ගත්තේ මියුරු ළඟින් ඉද්දීමයි. චේතිය කිසිවක් නොකියා ඇය දිහාවේ බැලුවා.
"අමා ඇවිදින්. දැක්කද..?"
"හ්ම්ම්..."
"කතා කරනවද ?"
"ඕනි නැහැ ඕෂධී... මොනවා කතා කරන්නද ? "
"මං ඔයාට බල කරනවා කියලා හිතන්න එපා චේතිය. ඒත් ජීවිතේ හදාගන්න ඔයාලා දෙන්නම තවමත් පරක්කු නැහැ. මං දන්නවා ඔයා වගේම අමාත් තවම දෙන්නට දෙන්නා ආදරේ කරනවා. නෑ කියන්න හදන්න එපා චේති... මං ගොඩක් දේවල් දැනගෙන උන්නත් අමා මට කවදාවත් ඒවා ඔයාට කියන්න ඉඩ දුන්නේ නැහැ. අදටත් එයා කැමති නැහැ ඔයා මේවා දැනගන්නවාට. ඒත් අමා ඒ කසාදෙ කරේ අමාගේ අම්මගේ බලකිරීමට. රවින්දට අමා කවදාවත් කැමති වුණේ නැහැ. අමා ආදරේ කරේ ඔයාට. ඒ නිසාම එයා කසාදෙන් මාස තුනක් යද්දී ඩිවෝස් වෙලා වෙනම ජීවත් වුණේ. අවුරුදු හතරකටත් වැඩි තමයි චේතිය. ඒත් එයා ඔයාගේ ජීවිතේ අවුල් කරන්න කැමති නැහැ. ඒකයි එහෙම කරේ. අමා මට හැමදාම කිව්වේ ආදරේ කියන්නේ අයිති කරගැනීම ම නෙවෙයි, ආදරේ කරන අයව සතුටින් තියන එක කියලා. එයාට ඕනි එයා නැතිව හරි ඔයා සතුටින් ජීවිතේ ඉස්සරහට යනවා දකින්න. අමා හිතන්නෙ එහෙම. මටත් මේ හැම දෙයක් ම දැනගෙන සද්ද නැතිව ඉන්න සිද්ධ වුණත් මං දැන් මේ ටික කියන්නේ ඔය දෙන්නගෙම ජීවිතවල සතුට තියෙන්නේ ඔයාලා ගාව කියලා මට නොකියා ඉන්න බැරි නිසයි. ඔයාලා අයිති ඔයාලට. කතා නොකර, අඳුරන්නේ නැහැ වගේ ජීවිතේ ගෙවනවාට වැඩිය වැරදුණේ කොතැනද කියලා හිතලා, එතනින් ආපහු පටන් ගන්න උත්සාහ කරමු. එයා තව ටිකකින් ආපහු යන්න කලින් මං කියනවාට එක පාරක් අමාට කතා කරන්න. ඔයා එක පාරක් කතා කරොත් එයා සිය පාරක් ආපහු ඒවි. "
ඕෂධී තව ගොඩක් දේවල් කිව්වා. චේතියට ඒවාත් ඇහුණා. ඒත් ආදරේ කරේ ජීවිත කාලෙටම මිසක් එක දවසින් දෙකින් අමතක කරන්න නෙවෙයි. අමා ගැන චේතියට තිබුණේ එහෙම ආදරයක්. අමා ඒ ආදරේට බෝසත් ප්‍රේමයක් කියලා නමකුත් ඉස්සර හදලා තිබ්බා. අමා අන්ධ වෙලා, ආබාධිත වෙලා ආවත් ඒ ආදරේ වෙනසක් නොවෙන බව චේතිය දන්නවා. ඒ ආදරේ හැටි. මධුවිත බඳුන පසෙකින් තැබූ චේතිය හෙමිහිට අමා ඉන්න දිහාවට පියවර තැබුවා. චේතිය එන බව දැක දැකත් පුදුමයෙන් බලා උන්නා මිසක් ඇය පැනලා දිව්වෙත් නැහැ.
"ආදරේ කියන්නේ හුස්මවලට පණ පොවලා, ජීවිත උපද්දන එක. අපි ආයෙත් ජීවිතේ නැවතුණු තැනින්ම පටන්ගමු අමා. සුළඟ වගේ එතිලා අපි, අපි ගාවටම වෙලා ඉමු. කාගෙවත් අහසක තරුවක්වත් හඳක්වත් වෙන්න ඕනි නැහැ. අපි අපිම වෙමු.. "
චේතිය එහෙම කියද්දී ඇයත් මෙහෙම කියයි.
"ආදරේ කියන්නේ අයිති කරගන්න එක නෙවෙයි චේති... ආදරේ කියන්නේ තමන්ව අනෙක් කෙනා වෙනුවෙන් මුළුමනින්ම පුද දෙන එක. හරියට හඳයි හඳේ හා පැටියයි වගේ ඒ පුද දීම අනන්තයක් නොදකින එකට. "
අරුණි කළුපහන
Friday, November 9, 2018
Thursday, August 23, 2018
මරියනෙලා - අහසේ දිලෙන තරුවක කතාව
බෙනිතෝ පෙරේස් ගල්දෝස් විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත මරිය නෙලා කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ ඉන්ද්‍රානි රත්නසේකර. නෙලා නමින් සිනමා කෘතියක් පැමිණි ඇති බවත් එහි කතා තේමාවත් පුවත්පත් වලින් කියවු දා පටන් එය නැරඹීමට තිබු උනන්දුව මෙතෙකැයි කියන්නට බැහැ.
නමුත් නෙලා පෙන්වන බව කියා දැන්වීම පුවරු වල සදහන් වෙද්දිත් වෙන්නප්පුව රමෝගා සිනමා ශාලාව එය දර්ශණය කිරීම ප්‍රතික්ශේප කරන්නේ අවස්ථා ගණනකදී මිනිසුන් රස්තියාදුකරමින්. දින කිහිපයක්ම සෙනග දහයකට දෙනෙක්ට වැඩී උනොත් පෙන්වනවා යැයි කියු රමෝගා සිනමා ශාලාව සෙනග දහයකට වැඩි දවස්වල ට සිනමාශාලාව වසා දමන්නේ නෙලා සමග මොන ආරෝවකට දැයි නොදනිමි.
දින ගණනක් තිස්සේ සිනමා ශාලාවට දුරකතන ඇමතුම් දීමෙනුත් පෙන්වන තුරු බලා සිටිමත් එපා වූ දිනක KBOOKS මගින් මීට දෙතුන් මසකට පෙර දිනක නෙලා ගෙන්වා ගත්තේ කියවන්නටය. නමුත් තාත්තා එය කියවා අවසන් වනතුරුත් විවේකයක් ලැබෙන තුරුත් බලා හිදින්නට ගොස් නෙලා හා තනිවෙන්න ලැබුනේ අදය. සම්පුර්ණ කෘතියම එක හුස්මට කියවන්නට පැය දෙකක් යන්නට ඇත.
මරියා මනුඑලා තෙයියේස්.. ඇයට නමක් තිබිණි. නමුත් ඇය වෙළදපොළේ ගම්මිරිස් විකුණු කනෙලාගේ දුව " නෙලා පමණක්ම වුවාය. එක් තැනක දහසය හැවිරිදි නෙලා මෙසේ කියයි..
" මගේ අම්මා නම මරිය කනෙලා. ඇයට කිව්වේ නෙලා කියලා.. එය බැල්ලියකගේ නමක්ලු. මගේ නම මරියා, මරිකිනා, මරියා පොඩ්ඩි, මරියනෙලා කියලයි මට කියන්නේ.. කනෙලාගේ දුව. සමහරු නිකම්ම " නෙලා " කියනවා. "
මරිය නෙලා ධනවතෙකුගේ පුත් අන්ධ පබ්ලෝ ට ඇස් දෙක වන්නීය. අහසේ පැහැය, මල් පෙත්තක හැඩය, ඈත නිම්නයක සුන්දරත්වය රැය දහවලක වෙනස තියා මරිය නෙලාගේ ඇස්වත් දැක නැති පබ්ලෝ ජිවිතය සහ ලෝකය ඉගෙන ගන්නේ නෙලාගෙනි. නෙලාට ජීවිතය ගැන ඇත්තේ අපුරුම දැක්මකි.
ඇය ගස් ගල් වලට මුහුණු ඇති බව කියයි. ජල පහරේ නාදය හෙමිහිට කතාකර දොඩමලු වන බව කියයි. අහසේ තරු මියගිය යහපත් ආත්ම ලෙසත් පොළවේ පිපී සුවද දෙන මල් අහසට යා නොහැකිව ඉතුරු ආත්ම ලෙසත් හදුන්වයි. සම්ප්‍රදායික මිත්‍යා විශ්වාස පිළිබද සිතන මරියනෙලා ගමේ කෙල්ලකි. ඒත් පබ්ලෝගේ පීයා පබ්ලෝට ඇසෙන්නට කියවන පොත් තුල ඇත්තේ වෙනස් දැක්මක් ය.
වනවදුල් අස්සේ තණ කටු පදුරු පොඩි වෙන සුවද විදිමින් ඇඹිල්ල ගෙඩි රස විදිමින් සද තරු මල් යට ආදරයෙන් ජීවත් වන නෙලාගෙත් පබ්ලෝගෙත් ජිවිත වෙනස් වන්නේ තෙඔඩෝරෝ ගොල්ෆින්ගේ පැමිණිමත් සමගිනි. ඔහු පබ්ලෝට පෙනීම දෙන වෛද්‍යවරයාය. නෙලා සතුටත් දුකක් සමානව විදින්නේ එතැන් පටන් ය. ඉන් අනතුරුව පැමිණෙන ෆ්ලෝරෙන්තිනාත් බොහෝ දෑ වෙනස් කරයි.
කන්නටවත් පාන් කෑල්ලක් නැති මරියනෙලා තමන්ට ලැබෙන පෙසෙතා ( මුදල් ) සියල්ල සෙලිපින් නම් තමන්ගේ හිතවතාට දෙන්නේ ඔහුගේ අනාගතය සාර්ථක කරගන්නට කියමිනි. මරියනෙලා සල්ලි වලට අකැමතිය. ෆ්ලොරෙන්තිනා දෙන්න සිතු සැප සම්පත් වලට අකැමැතිය. නෙලාගේ ලෝකයම පබ්ලෝය. ඔහුගේ ආදරයය. සිය ආදරයට ආත්මයෙන් ම ආදරය කරන නෙලාට සිය ආත්මය ශරිරයෙන් නිදහස් කර හරින්නට වන්නේද එකී ආදරය නිසාවෙනි.
ආදරය දෙන්නට මිස ආදරය ලබන්නට නොසිතු, ආදරය නිසාවෙන්ම හුස්ම අත් හළ නෙලාගේ සොහොන් කොත් ළග තනි රකින්නට කණමැදිරියන්, රෑ බදුල්ලන් නම් ඕනි තරම් සිටියහ. ඇයගේ ආදරයට තමන්ගේ ආදරය දෙමින් ඔවුන් රංචු පිටින් රැස් වී රැයේ දී සොහොන ආලෝකවත් කළහ.
නමුත් මරිය නෙලා එතැන හිදින්නට විදියක් නැත. ඇය අහසේ තරුවක් ව පබ්ලෝ දෙස තවත් ආදරයෙන් බලා හිදුණු ඇත. " මං කැතැයි කිව්වද " තවමත් තෙඔඩෝරෝගෙන් අසනු ඇත. ෆ්ලෝරෙන්තිනාට වෛර නොකළ බව පුන පුනා කියනු ඇත. බලාපොරොත්තු දුන් නමුත් නොදුන්නා සේ සිටි ආදරයක් වෙනුවෙන් ආලෝකය දෙනු ඇත.

Wednesday, February 14, 2018
නුඹ සුළං රැල්ලක් ව
ජිවිතේ ගැටෙන අනන්ත අප්‍රමාණ වුනු කම්පන මිනිස්සු එක එක විදියට දරා ගන්නවා. සමහරු ඒ කම්පන එක්ක ඔහේ කල්පනා කර කර ජිවිතේට ගලා ගෙන යන්න ඉඩ හැරලා බලාගෙන ඉද්දි තවත් සමහරු ඒ කම්පන එක්ක ජිවිතේ නිර්මාණත්මකව ගොඩ නගනවා. ඒ නිර්මාණාත්මක ගොඩ නැගීම තුල කවි ලියවෙනවා. නවකතාමය සිතුවිලි කියවෙනවා. චිත්‍රපට බිහිවෙනවා. ගී සින්දු ගැයෙනවා. සංගීතය අපුරු ස්වර සොයා යනවා . ඒ තුළ හැම හැගීමක් ම හැම හුස්මක් ම අස්සේ අපුරු හැඩයකින් නිර්මිත කතාවක් රහසේ දරා ගන්නවා
මුතු බෙල්ලෙක් හදවත අස්සේ වැලි කැට එක්ක ඔට්ටු වෙන්නේ ඒ වැලි කැට එහෙට මෙහෙට පෙරලි පෙරලි ආත්මයම හුරල දාන එක ඉවසන ගමන්. ඒ රිදුණු ආත්මයේ වේදනාව වින්දනය කරමින් මුතු බෙල්ලෙක් හුස්ම ගන්නේ අපුරු වටිනා මුතු ඇටයක් ලෝකෙට බිහි කරන්න.
ඒ වගේම වේදනාවන් වින්දනය කරන්නම ඉපදුනු මිනිස්සු විදියට කවියෝ හදුන්වන්න මන් කැමතියි.
තමන්ගේ ජීවිතය ඇතුලේ ගොඩ නැගුණ කම්පන ලියවිල්ලකින් මිනිස්සු අතරට ගේන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. රිදුන රිදෙන රිද්දන හැම මොහොතක්ම කවියකින් ලියනවා කියන්නේ මරණයක් උපදිමත් අතර මොහොතක්. අර කලින් කිව්ව මුතු බෙල්ලා වගේමයි. ඒ වගේම තිඹිරි ගෙයක් මරණයේ හෝරාවත් වින්දනය කරමින් කවියෙකුට හුස්ම ගන්න පුළුවන් නම් ඔහු අපුරු පුද්ගලයෙක්. ඔහුගේ කවි කෑ ගහලා ලෝකෙට ඇහෙන්න කතා කරන්න පුළුවන් හඩකට වැඩිය ප්‍රබලයි. ඒ අකුරු හරියට දහසක් දේ නිහඩව කියන ඇස් දෙකක් වගෙයි.
වැරදිලාවත් අහන්නට බය
ජෝතිගේ සිංදු එක දෙක
ඉද රටක අතපොවා
කලත්තනකොට මතක
ඉකිගගහා හඩනවා මහද
ඉතින් මන් ඇස් පියාගන්නවා
අප්පච්චි නිතරෝම මුමුනන්න පුරුදු වුන
ගියායින් පසුවටත් ගේ පුරා ඇහුණ
හිත යටින් තාම මට ඇහෙනවා
---
යන ගමන නවතලා
අතරමග
බස් රියෙන් බහිනවා
ලියන්නෙම නෑ කියා
හිතින් උන්නත් ආයෙම
හීනි කදුලක් එක්ක
මතක රැල්ලක් දෙකක
තාම හිත් අගිස්සේ වදිනවා
එහෙම ලියුවුණු කවියක මුල සහ අග මන් හොයාගන්නේ “ නුඹ සුළං රැල්ලක් ව “ පිටු අස්සෙන්. රිදුම් ගැටුම් කම්පන ගලායාම් කදුළු හුදකලාව ඒ හැම හැගීමක් ම නුඹ හුළං රැල්ලක් ඇතුලේ කැටයමක් වගේ ඔබ්බවලා තියෙනවා. කතා කරන පින්තාරුවක වගේ අපුරුවට සායම් කරලා තියෙනවා.
මට අයිති නැති වුනොත් දවසක
මන් ගිහින් හිදින්නම්
දුර ඈත තරුවක
හිත රිදුනට මොකද
මන් බලන් ඉන්නම්
ආදරේ කියන්නේ ඒකට
මේ හැම කවියක් ම අයිති නිශාන්තට. නුඹ සුළං රැල්ලක්ව අයිති ඔහුට. නිශාන්ත ෆර්නෑන්ඩු.. කාලයක් තිස්සේ සයිබරයේ කවියට ආදරය කරන මිනිස්සුට නිශ් වුනු නිශාන්ත නුඹ සුළං රැල්ලක් ව කියන ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය එක්ක එළියට එන්නේ නිශාන්ත ෆර්නෑන්ඩු විදියට. කොහොම වුනත් මන් කීව අපුරු හදවතක් හිමි කවියා ඔහු. ඔහුට කවිකම කියන්නේම ආත්ම ප්‍රකාශනයක්. තමන්ගේ ආත්මය නිදහස් කරගන්න මොහොතක්. හැම ප්‍රශ්නකටම පිළිතුරක් හොයන මොහොතක්. රිදුන හදවතක් සුවපත් කරගන්න ඖෂධ ගල්වන තත්පරයක්.
“ තාත්තා මැරුණ කාලේ ඒ වේදනාව එක්ක මන් කවියක් ලිව්වා. ඒ කවිය ආයෙම දවසක මට ලියවිලි අස්සේ තිබිලා හම්බුනාම මන් ඒක සයිබර් අවකාශය එකට එකතු කරා. ඒක තමයි එහෙම සයිබරයට එකතු කරපු පලවෙනි කවිය. එතැනින් ඉදන් නුඹ සුළං රැල්ලක්ව බිහි වෙනකම් මන් සයිබරයට කවි ලිව්වා. ඒ හැම කවියක්ම මන් මාව නිදහස් කරගන්න ලියපු දේවල් මිසක්. පෙරලා කිසිවක් බලාපොරොත්තුවෙන් ලියපු දේවල් නෙවෙයි. කවි ලියලා අත්හැරුණු දේවල් ලගා කර ගන්න මට උවමනාවක් නැහැ.
මගේ පොතට පාදක වුනු වෙන්නේ සමස්ත සමාජය එක්කම ගැටෙන ප්‍රේමයක්. ප්‍රේමයට නිර්වචන නැහැ. උපන්න දවසේ ඉදන්ම දැනුනු මාතෘ ප්‍රේමයේ ඉදන් ජිවිතේට යන එන හැම කෙනෙක් එක්කම තියෙන බැදීම් ගැනයි මන් නුඹ සුළං රැල්ලක් ව තුලින් කියන්න උත්සාහ කරේ. ජිවිතේ හැම අහිමිවීමක් ම කවියක් කියන්න බැහැ වගේම සමහර අහිමිවීම් කවි කරන්නත් බැහැ. නමුත් කවියෙක් වුනාම තමන්ගේ හර්ද සාක්ෂියට අවංක වෙන්න ඕනි. තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ජිවත් වෙන්න ඕනි. කවියක් ලියද්දී මන් මට ලියන්න ඕනි දේ ලියනවා. සමහර කියන්න ඕනි දේවල් යටි පෙලකින් කියනවා. සමහරු ඒ කවි තේරුම් ගන්නවා. සමහරු වෙන වෙන අරුත් ගන්නවා. ඒ වගේම තවත් සමහරු දන්නෙවත් නැතිව ඇති ඒ කවි ලිව්වේ එයාලට කියලා.
කවියෙක්ට තියෙන සමාජ වගකීම විදියට මන් දකින්නේ තමන්ගේ කවිය හොදට ලියන එක. එහෙම නැතිව මේ කවිය කියවලා මේ මනුස්සයා මෙහෙම හැදෙයි කියලා හෝ මේ කවිය කියලා හිත නිවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක වැරදියි. කවියෙක් කවදාවත් තමන්ගේ කවියකින් සමාජයට හානියක් කරන්නේ නැහැ. ඒ වගේම කවදාවත් සමාජයට කවියක් ගැන කවියට චෝදනා කරන්න අයිතියකුත් නැහැ ඒ කවිය එයාලට ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද කවියක් ලියලා නිදහස් කලයින් පස්සේ ඒක පොදු දෙයක්. තමන්ගේ අත්දැකීම් හැගීම් අනුව තම තමන්ට එක එක විදියට දැනෙන දෙයක්.
කවියෙක් කවදාවත් විකුනන්න කවි ලියලා වැඩක් නැහැ . කවියෙක් කරන්න ඕනි කවි ලියලා සමාජ ගත කරන එක විතරයි. කවියේ හැඩය වෙනස් කරලා හොදට කවිය ලිව්වොත් මිනිස්සු ඒකට ආදරේ කරනවා. හොදම කවියටත් වැඩිය දැනෙන කවිය ලියන එක තමයි කවියාගේ වගකීම. “
ජිවිතයේ අප්‍රමාණ වූ ප්‍රේමයන් ට පිදුම ලියු ඔහු කවියෙක්ගේ ආත්ම ප්‍රකාශනය ගැන එහෙම කියද්දී, පෙරලුන පිටු අස්සෙන් මට තව කවියක් හමුවුනා.
මහා වැහි දිනවල අවන්හලක
උණු කෝපි රසවිදින සිහින
ඔබ කියන විදියට
ඔබේ ඉදිරිපස අසුනේ ඔබ
මහ වැස්ස දෙස බලාගෙන
මට ඔබව පෙනෙනුයේ
වැහි බින්දුවක් තරමට ලස්සනට
උණු කෝපි තරමට උනුහුමට
ආදරය
ඊට තවත් පිටුවක දෙකකට පස්සේ තවත් තැනක මෙහෙම තිබුනා.
නුඹ සුළං රැල්ලක් ව
හමාවිත්
මතක හලා යන
යළිත් සිත හැඩිකරන
දන්නවද ?
ඉදල් පහරකට
කොච්චරක් රිදෙනවා ද
හිත
ඒ හැම කවියක් ම දරා ගත්තු මහා මෙරක් බර ඒ හදවත එහෙමත් නැති නම් ඒ කඩදහි අස්සේ ගුලි ගැහිච්ච අකුරු හුළං රැල්ලක් ව කල එලි බසින්නේ ෆෙබරවාරි 17 වෙනි සෙනසුරාදාමහවැලි කේන්ද්‍රයේ දී හවස තුනට. විදින විදිවන වින්දනය කරන හැගීමක් ම එක්ක මොහොතකට තනි වෙන්න කැමති හැමෝටම එදාට එතැන අසුනක් තියෙනවා.
සංවාදය සහ සටහන - අරුණි කළුපහන

Saturday, February 10, 2018
හදවත රිද්දු මිනිසා ඔබ
හිත රිදෙන බව දැන දැන
හිත රිද්දු මිනිසා ඔබ
හද ගැහෙන බව දැන දැන
හදවත මරා දැමු මිනිසා ඔබ
අයිති නැති මුත් පෙම් බදින්නට
සිත තදින් අල්ලා ගත් මිනිසා ඔබ
මැරෙන උපදීන හිත හොදටම රිද්දා
නමක් නැති බැදීමට තිතක් තියන්නට
කැටයම් ඇල්ලු අසාධාරණ මිනිසා ඔබ
#අරුණි
2018/02/10
හිත රිද්දු මිනිසා ඔබ
හද ගැහෙන බව දැන දැන
හදවත මරා දැමු මිනිසා ඔබ
අයිති නැති මුත් පෙම් බදින්නට
සිත තදින් අල්ලා ගත් මිනිසා ඔබ
මැරෙන උපදීන හිත හොදටම රිද්දා
නමක් නැති බැදීමට තිතක් තියන්නට
කැටයම් ඇල්ලු අසාධාරණ මිනිසා ඔබ
#අරුණි
2018/02/10
Tuesday, July 25, 2017
හිත රිදෙන කවියක්
ලිය ලියා මකන
බොහෝ කවි අස්සේ
ඔබ ඉන්න ඇති
හිත හිතා තැවෙන
තනිකමින් පිරි රාත්‍රින් ලග
ඔබ ඇවිත් යන්න ඇති
අහම්බෙන් හමුව
ඉක්මනින් නික්මෙන
සමහර හමුවීම් ලග
කියන්නට බොහෝ දෑ
තියෙන්නට ඇතී
ඒත් නොකියාම
නික්මෙන්නටත් ඇති
හිමි වීමක් නොදකින
අහිමි අහසක් යට
අපි තවමත් ඔහේ
බලා ඉන්නවත් ඇති
ඒ නිසාම මේ විදියට
හිත් රිදෙන කවිත්
ලියවෙනවා ඇති
#අරුණි
2017 July 23
Saturday, July 8, 2017
මගේ කටහඩ ඇහෙද්දී ගල් ගැහෙනවා විතර ද ?
හැම හමුවීමකටම අරුතක් තියෙනවා. මානවී කියන්නේ එහෙම. මානවි එහෙම කිව්වට විශ්වගෙයි මගෙයි තියෙන හමුවීමේ අරුත මොකක්ද කියලා මන් තාම හිතනවා. විශ්ව කියන්නේ හරිම ලස්සන කටහඩක් තියෙන කෙනෙක්. ඔහුට කෙටියෙන් ගායකයෙක් කියලා කොටු කරලා දාන්න මට හිතෙන්නේ නැහැ. විශ්වගේ කටහඩ ඇහෙද්දී ස්වර්ගයේ දොරටු විවෘත වෙලා දේවදුතයෝ එබිලා බලන් ඉන්නවා ඇති කියලයි මානවි නම් විහිලුවට කියන්නේ. මට නම් ඇත්තටම එහෙම හිතෙනවා. එයා ගිටාර් එක ප්ලේ කර කර සින්දු කියද්දී සමනලයෙක් වගේ වටෙටම පියඹලා නටන්නමයි මට හිතෙන්නේ..
මානවිගේ ජිවිතේ ගෙවෙන්නේ කැමරාව එක්ක. මානවි එක්ක නුවර වීදී දිගේ ෆොටෝ ගහන්න ඇවිදනකොට ඇද හැලුන තුනී මල් වැස්ස එක පාර කැට වැස්සක් වෙලා පහර දෙන්න ගත්තු නිසාම අපි දුවගෙන ගියේ ලග තිබුණු කොෆි අවන්හලට. විශ්ව හිටියේ එතන. පෙනුමට ඔහු එම අවන්හලට නිතර යන එන කෙනෙක් වගේ පෙනුනා. මොකද සේවකයෝ එක්ක සුහද කතාබහක හිටපු නිසා. අපි හැරුණු අවන්හලේ හිටියේ විශ්වයි සේවකයිනුයි විතරයි. ආ තව විශ්ව ලගම ගිටාර් එකකුත් තිබ්බා. දුම් දමන කොෆි බදුන් එක්ක මමයි මානවියි කැමරාවේ ෆොටෝස් බල බලා ඉද්දි එකවර ඇහුනේ මට කවදාවත් අමතක නොවෙන ඒ තාලයක් මුමුණපු කටහඩ.. munbe vaa.. ඒක තමා සින්දුව. හිටපු විදියටම ටිකක් වෙලා ඇහුන්කම් දීගෙන හිටපු මමයි මානවියි ඊළගට පුදුමයෙන් එකවරම හැරිලා බැලුවේ ඔහු දිහාවේ.
හීනි දිගටි ඇස් කැරලි කොන්ඩේ එක්ක තලෙළු මුහුණ.. කටහඩ වගේ ඔහුගේ පෙනුමත් කඩවසම්.. අපි බලන් ඉන්නවා දැක්ක ද නොදැක්කා වගේ හිටියා ද අනේ මන්දා. ඇස් දෙකත් වහගෙන ගීතයටම සම වැදිලා හිටපු විශ්වගේ ඇගිලි ගිටාරයේ තත් පුරා දිව්වේ වගේ වගක් නැතිව අකීකරුව. මගේ අයිෆෝන් කැමරාවෙන් ගත්තු ඒ පලවෙනි ලස්සන මතක සටහන ඒ වීඩියෝව මගේ ෆෝන් එක තාම දාරාගෙන ඉන්නවා. හැම තැනම සමනල්ලු මට ඒ වෙලේ නම් හිතුනෙම එහෙම.
මානවි නම් ගීතය අවසානයේ නැගිටලා අත්පුඩි ගැහුවා විතරක් නෙවෙයි ලගට ගිහින් සුභ පැතුවා. එයා විශ්ව කියලත් මට කිව්වේ මානවි. හැබැයි මට පුළුවන් හිටපු විදියටම ගල් වෙලා සමනල්ලු ගැන හිත හිතා ඉන්න විතරයි. හිනාවෙන්න තියා කම්මුලක් ලාවට හොලවන්නත් බැරි විදියට මාව ගල් වෙලා තිබුනා. ඒ වීඩියෝ එක බලන හැම වෙලාවේම ඒ හැගීම තවමත් එහෙමයි.
සතියක් ගෙවෙන්න ඇති දෙකක් නැති නම්... දවසක් මගේ දුරකථන ඇමතුමක් ලැබුනා. හෙලෝ කියන්න විතරයි හම්බුනේ.. එහා කෙලවරින් ආයෙත් munbe vaa ගීතය. දෙවියනේ.. ඒ කටහඩ. එදත් මම පුදුම වෙලා බලන් අහන් හිටියා.
“ තවමත් මගේ කටහඩ ඇහෙද්දී ගල් ගැහෙනවා විතර ද ? හිනා වෙන්න අමතකද රධ්‍යා.. “
ඔහු ඇහුවේ එහෙම. මානවි තමා සේරම කරන්නේ. ඉතින් අපි කතා කරා. දවස් ගෙවනකම් මැදියම් රැයවල් පාන්දර ජාමේ ගෙවනකම් අපි කතා කරා. තාමත් එහෙමයි. ඒක නිමක් නොවෙන සංවාදයක්. ඒ වගේම ඔහු මට තාල මිමිණුවා. මටම අලුත් වචන එක්ක තාල හැදුවා. හැබැයි තාමත් munbe vaa කියද්දී මට දැනෙන හැගීම එහෙමයි.
“ රධ්‍යා මට ආදරේ ද ? රධ්‍යා අපි අපේ කවුද ? රධ්‍යා අපි හොදම යාළුවො ද ? රධ්‍යා තවමත් අපි ආගන්තුකයෝ ද ? “
ඔහු කවදාවත් මගෙන් එහෙම ඇහුවේ නැහැ. මමත් නැහැ. හැබැයි ඒ වචන තාල නම් ආදරේ පිරිලා තිබුනා කියලා මට හොදටම දැනුනා. තාමත් දැනෙනවා. එක දවසක් විශ්වට මට කතා කරන්න බැරි වුනොත් ඒ නිසාම වෙන්න ඇති මගේ මුළු ලෝකෙම හිස් වෙලා එපාම වෙලා තියෙන්නේ. වම් උරහිසේ ගිටාරයක් එල්ලගෙන උරහිසට දික් වුන කැරලි කොන්ඩේ එක්ක හිනි දිගටි ඇස් වලින් මන් දිහාවේ බලාගෙන දකුණු අතින් මගේ අත තදට අල්ලගෙන ඔහේ නුවර විදි දිගේ ඇවිදගෙන යන රූපයක් මගේ හිතේ හැමදාම හොල්මන් කරනවා. කොෆි ෂොප් එකේ දෙපැත්තෙන් ඉදගෙන මුහුණට මුහුණ බලාගෙන ආදරණිය තාල මුමුණන රූපෙකුත් ඒ ලගින්ම තියෙනවා. විශ්ව දන්නේ නැතිවාට. හැබයි මන් හැරෙනකොට මොකද කරන්නේ කියන විශ්ව ඒක නොදැන ඉන්න විදියකුත් නැහැ.
කොහොම වුනත් අපි අපේ කවුද අපේ හමුවීමේ අරුත මොකද කියලා නොදැන හිටියාට මේ හමුවීම නම් කවදාවත් වෙන් නොවෙන හමුවීමක් කියලා මට දැනෙනවා. ඒ හැගීම මට ඇති. ස්වර්ගයෙන් පාවෙලා එන සමනලුන්ටත් වැඩිය. හැම හමුවීමක් ම ආදරෙයි කියලා ආදරේ කරලා නැවතුමක් හොයාගෙන ඕනි ද ? ආදරයයි ආගන්තුකමයි අතර අවකාශයේ හැගීමක අපිට ජිවත් වෙන්නම බැරි ද ? හැම බැදීමටම හැගීමට නමක් දීලා සීල් කරන්න ඕනි ද ? ආදරේ කියලා කටින් කිව්වේ නැති නම් ආදරේ දැනෙන්නේ නැති ද ?? සංගීතයේ සප්ත හඬ ස්වර එක්ක අකීකරු ගිටාරයේ මුරණ්ඩු තාල කියන්නෙම ආදරේ ගැන නෙවේ ද ? ඒවා තමයි මගේ හිතේ හැම තිස්සෙම දැවෙන ප්‍රශ්න.. හැබැයි කොෆි කප් එකයි ගිටාර් එකයි අර හිතුවක්කාර කැරලි කොන්ඩේයි ඒ කටහඩයි මට ඇහෙන දැනෙන මානේ ඉන්නවා නම් හැමදාම මට සංසාරේ කොච්චර දුර වුනත් ඒ ප්‍රශ්න වලට උත්තර ඕනි නැහැ. ඒ ස්වර්ගීය හැඟීම ඒ සමනල්ලු ඒ දැනෙන ආදරණිය සිතුවිලි මට ඇති. ඉතින් හැම හමුවීමකට අරුතක් තිබුනාට ඒවාට නම් වර්ණ ගන්වලා පැත්තකින් තියන්න මට නම් ඕනි නැහැ. මට ඕනි හැමදාම මේ විදියට ඒ මොහොතට ආදරෙන් සදහටම ඒ හැගීම් එක්ක ජිවත් වෙන්න.

Monday, May 29, 2017
විසල් ට
පුරපෝය සද මැද මිදුලේ තනියම
නුඹ කොහිද අහනවා හෙමිහිට
වෙනදට තනි රකින ගැටපිච්ච මල් පදුර
මලානික වෙලා අද නම් හොදටෝම
නුඹ දන්නේ නැහැ විසල්
නෝක්කාඩුකම් හැම තැනම
රෑ සේපාලිකා මල් පුසුඹ එක්ක
එහෙ මෙහෙ දුවන හිතුවක්කාර සුළග
නුඹටත් දැනෙනවා ද මට කියන්න
ආදරේ කවියකින් ලියා එව්වෝතින්
සුළග ගෙනවිත් දේවිද අහලා බලන්න
දේව අඩවියේ තේ වතු අස්සෙන්
දෑ සමන් පිච්ච මල් පිපෙනවා තවම
එපා මගේ විසල් දෑස් හැර බලන්න
තේ බංගලා හෙවණේ හැදෙන
හැම ලෙච්චමීම එක වගේ නැහැ ඔන්න
කෝවිලේ සීනුව වදිනකොට
නළලතේ සින්දුර් තිලක තියන්න
පාතීගේ මංගල තැල්ල පැළදගෙන
ඔය පපුතරේ මයේ හුස්ම හංගන්න
මංගල්ලේට වැඩි දවසක් නැහැ
නුඹට මතකයි නේද කියන්න
ආදරේ හිත පුරාවට විදගන්න
නෙක කතා කියවා නුඹ අවුස්සන්න
කැරලි කොණ්ඩේ අවුල් කර දා දුවන්න
නුඹ නැතිව පාලුයි හොදටෝම
දැන් නම් පිළිගන්න වෙනවා මට
අරුණි කළුපහන
නුඹ කොහිද අහනවා හෙමිහිට
වෙනදට තනි රකින ගැටපිච්ච මල් පදුර
මලානික වෙලා අද නම් හොදටෝම
නුඹ දන්නේ නැහැ විසල්
නෝක්කාඩුකම් හැම තැනම
රෑ සේපාලිකා මල් පුසුඹ එක්ක
එහෙ මෙහෙ දුවන හිතුවක්කාර සුළග
නුඹටත් දැනෙනවා ද මට කියන්න
ආදරේ කවියකින් ලියා එව්වෝතින්
සුළග ගෙනවිත් දේවිද අහලා බලන්න
දේව අඩවියේ තේ වතු අස්සෙන්
දෑ සමන් පිච්ච මල් පිපෙනවා තවම
එපා මගේ විසල් දෑස් හැර බලන්න
තේ බංගලා හෙවණේ හැදෙන
හැම ලෙච්චමීම එක වගේ නැහැ ඔන්න
කෝවිලේ සීනුව වදිනකොට
නළලතේ සින්දුර් තිලක තියන්න
පාතීගේ මංගල තැල්ල පැළදගෙන
ඔය පපුතරේ මයේ හුස්ම හංගන්න
මංගල්ලේට වැඩි දවසක් නැහැ
නුඹට මතකයි නේද කියන්න
ආදරේ හිත පුරාවට විදගන්න
නෙක කතා කියවා නුඹ අවුස්සන්න
කැරලි කොණ්ඩේ අවුල් කර දා දුවන්න
නුඹ නැතිව පාලුයි හොදටෝම
දැන් නම් පිළිගන්න වෙනවා මට
අරුණි කළුපහන
Subscribe to:
Posts (Atom)