රිදුනේ මටයි මගේ සිතටයි
වාරු නැතිව ඉකි ගසා හැඩුවේත්
මමයි මගේ හිතයි විතරමයි
අසම්මතයට බියෙන් ඇකිලී
නුඹ එපා කිව්වෙත් මමයි
දැක්කත් නුඹ නොදැක්කා සේ
ඉවත බලා උන්නෙත් ඒ මම මයි
කල්පයක් තරම් දිග ඈතක
ලෝකයක් අමතක කර
හිතින් ලංව උන්නෙත් අපි දෙන්නායි
මහා ඉවුරු කඩන් වැටුණු
මොර සූරන වැස්සේ
සීතලෙන් එකට ගුලිවී
හීනයක් මැව්වේත් ඒ අපි මයි
නුඹ යෙහෙලියන් හා මුහු වී
සිටිනු දැක තරහෙන් සිත
පාරවා ගත්තෙත් මමයි
නොලැබෙනා බව දැන දැන
නුඹට පෙම් කලෙත් ඒ මමමයි
රෑ නින්දෙන් නුඹ ගැන හීන මවා
ඉකි බිද බිද හැඩුවේත් මමයි
නුඹ අහිමි හීනයක් බැව් දැන දැන
නුඹ දකින්නට පෙරුම් පිරුවෙත් ඒ මමමයි
අන්සතු වී කුලගෙට යන්නෙත්
නුඹට පෙම් කල මේ හිතමැයි
මංගල දෝලාව ඔසවාගෙන
අද ආසිරි දෙන්නෙත් ඒ නුඹමයි
අසම්මතයක කොටු පවුරට මෙහා
ඉදන් මම විදි දුක් බෝමයි
එහෙව් හිතකට නුඹ දුන් ගින්දර
දරන්න බෑ පුදුමයි
කදුළක් හිනාවකින් මකන්න
නුඹ හොයාගෙන ආවා තමයි
ඒත් නුඹ ඔහොම කරන වග
දැන උන්නා නම් මම
නුඹ දකින්න එන්නැහැ
සත්තයි...
රෝලෙ අප්ඩේට්වෙලා තියෙන ඔක්කොම පෝස්ට් කවි සහ නිසැදැස් අද. ඔන්න මේකත් රසවින්ද.
ReplyDeleteමේ දවස් වල වහින නිසා ගොඩක් අය සීතලට කවි නිසදැස් ලියනවා ඇති.. ඒ නිසා කවි නිසදැස් බ්ලෝග් වල වැඩියෙන් ඇති.. :)
Deleteමම මෙතන දාපු කමන්ට් එක කොයි නගේ...?
Deleteමෙතැන comnt එකක් තිබුනේ නැහැ අයියේ.. පහල නම් දාලා තිබුණා..
Deleteහෑ,මට දැම්මා වගේ මතකයි.පෙරේදා රෑ ඔලුව දොර උළුවස්සේ හැපුණා කළුවරේ ගිහින්.තාමත් අවුල් එක නිසයි මයේ හිතේ...:D
Deleteමටත් හිතුනා කොහේ හරි ඔලුව වැදිලා තමා කියලා :D :v
Deleteකඳුළක් හීනාවකින් මකන්න පුළුවන් වෙයිද? හ්ම්ම් මම තාම කල්පනා කරනවා.
ReplyDeleteකවි ටිකනම් පට්ට මොණරියෙ.
පුළුවන්නේ.. :) මං මගේ අදහස නොකියා ඉන්නම්කො.. චතුරංග අයියා කල්පනා කරලා කි හිතුනු දෙ කියන්නකෝ එහෙනෙම්.. :)
Deleteස්තුතියි :D
ටිකක් පැටලුනා අවසානය කියවද්දී ...
ReplyDeleteඅසම්මතයක්ද තනි අතින් අත්පුඩි ගැසීමක්ද?
"ඒත් නුඹ ඔහොම කරන වග
දැන උන්නා නම් මම
නුඹ දකින්න එන්නැහැ
සත්තයි..."
කොටස මොකටද මොනරි
අසම්මතය කියන්නේ සම්මතයට පටහැනි දෙයක් නේ.. ඉතින් වෙන කෙනෙක් එක්ක කුල ගෙට යන යුවතියක් තව කෙනෙක්ට පෙම් කරන එක වැරදි නේ.. එකයි අසම්මතය කියන්නේ..
Deleteතනි අතින් අත්පුඩි ගසිමක්ම නෙවේ..
අපොයි ඔය සේරම කියන්න ගියොත් මට කවියට පාදක වුනු නිමිත්ත කියන්න වෙනවා.. ඉවාන් අයියා කටින් අල්ලගන්න නේ යන්නේ.. :D
කෙල්ල අන්තිමට ඔය ප්‍රේමය පිළිගන්න යද්දී කොල්ලා ලෑස්ති නැහැ කෙල්ල බාරගන්න තියා කතා කරන්නවත්.. සමහර විට වෙන කෙල්ලෙක් ඉන්න පුළුවන් නැත්තම් වෙන හේතුවක් වෙන්න පුළුවන්..
මෙච්චර කල් අඩලා අඩලා රිදව ගත්තු හිතට සැනසීමක් හොයන් නුඹ ගාවට ආවත් ප්‍රතික්ෂේප වෙන බව දැන උන්නා නම් එන්නේ නැහැ කීයටවත් කියන එක තමා අදහස..
අසම්මත කවියක් !!
ReplyDeleteහ්ම්ම්.. අසම්මත කවියක් :)
Deleteමෙක මේ වැඩිමල් කෙල්ලකට කරපු ලවක් ගැන සීන් එකක් ද ??මට තෙරුණේ නෑ???
ReplyDeleteඅපොයි එහෙම අපරාදයක් නොවේ.. :D මේක අවුරුදු දෙක තුනක් වැඩිමහල් කොල්ලෙක්ට කරපු ලවක්..
Deleteඅසම්මත කියන්නේ කෙල්ල වෙන කෙනෙක්ව බදින්න ඉද්දි මේ කොල්ලාට පෙම් කරන එක.. තේරුනේ යි..
ආදරය තුල කොහේද මොණරියේ සම්මත,අසම්මත බවක්...
ReplyDeleteආදරය තුල එහෙම එව්වා නැති වුනාට අයියේ ආදරයට පිට ඉන්න අයට එව්වා පේනවා නේ..
Deleteතනියෙන් ආදරය කරාම ඔහොම තමා...
ReplyDeleteඒකනේ දේශකයෝ.. ඒත් ඉතින් අන්තිමට ආදරේ කරන්න අනුබල දුන්නු කෙනාම අහක බලපු ඒකනේ වැඩේ..
Deleteසොඳුරැයි ඔබේ නිර්මාණය! ජය පතමි!!
ReplyDeleteස්තුතියි.. :)
Deleteසිතිවිල්ල අරුත්බරයි...... සිතට ලෙසටම දැනෙනව ....
ReplyDeleteස්තුතියි :)
Deleteහැගීම්බරව ලියල තියෙනව..විචිත්රයි..
ReplyDeleteස්තුතියි උමේෂ් :)
Deleteසිංහල බෙහෙත් කලොත් හරි යයි මම හිතන්නේ ?? හොදට ලියලා තියෙනවා ලස්සණයි මොණරි....
ReplyDeleteආදරේටයි විරහවටයි කොහෙන්ද බන් බෙහෙත්.. :D ස්තුතියි මස්සිනා.. ;)
Delete